Ads 468x60px

.

ඇන්ඩ්‍රෝයිඩ් වෙනුවට යුසර් ෆ්‍රෙන්ඩ්ලි Cyanogenmod නමින් මෙහෙයුම් පද්ධතියක්


Cyanogenmod යනු ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය හැරුණුවිට ලෝකයේ ඇන්ඩ්‍රෝයිඩ් පාදක කරගත් මෙහෙයුම් පද්ධති අතුරෙන් ජංගම දුරකථන පරිශිලයින් අතර වඩාත් ජනප්‍රියම මෙහෙයුම් පද්ධතිය වේ.

ගුගුල් සමාගමේ ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය වීම සදහා පදනම් කර ගත් නිදහස් කේත සංවර්ධන කරමින් මෙම මෙහෙයුම් පද්ධතිය නිර්මාණයකොට තිබේ.

ඇන්ඩ්‍රෝයිඩ් දුරකථන භාවිතා කරන බොහෝ දෙනෙකුට ඇති ගැටළුව වන්නේ දුරකතනයේ නිෂ්පාදකයා විසින් එම දුරකතනයට අදාළ ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතියේ යාවත්කාලීන කිරීම ලබා නොදීමයි.

මේ හේතුවෙන් බොහෝ දුරකථන වලට ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය විසින් හඳුන්වාදෙන නව  අංග අත්විඳීමට නොහැකි වී

තිබෙනවා. නමුත් ඔබ Cyanogenmod භාවිතා කරනාවනම් නිරතුරුවම ඔබට නව සංස්කරණ අත්හදා බැලීමට හැකියාව තිබේ.

ඇන්ඩ්‍රෝයිඩ්  නව සංස්කරණයක්  පර්ශිලකයන් හට ලබාදුන් පසු එහි තිබෙන අඩුපාඩු ගැන විවිධ අදහස් යෝජනා සැලකිල්ලට ගනිමින් ජංගම දුරකථන පරිශීලකයා හට වඩාත් කාර්යක්ෂම මෙහෙයුම් පද්ධතියක් ලබා දීම මොවුන්ගේ අරමුණ වී තිබේ. ඒ සදහා ඔවුන් විවිධ වූ නව විශේෂාංග එක් කරමින් නිකුත් කරනු ලබනවා.

මෙය නොමිලේ නිකුත් කරනු ලබන මෙහෙයුම් පද්ධතියකි. මෙම ව්‍යපෘතිය ආරම්භය කලේ ස්ටීව් කොන්ඩික් විසින්ය. පසු කාලයේදී මෙහි ජනප්‍රියත්වයත් සමගම ඔහු මේ සදහා ආයතනයක්ද පිහිටවනු ලැබුවා.

ජංගම දුරකථන පරිශීලකයින් අතර නිතර භාවිතා වන Custom Rom නිර්මාණය කරන්නනේ ද මෙම මෙහෙයුම් පද්ධතිය උපයෝගී කරගෙනයි. මෙය අනෙක් ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති වලට සාපේක්ෂව වේගවත්ය.

මෙය භාෂා විශාල ප්‍රමාණයකින් නිකුත් කර තිබෙනවා. ඒ අතරට සිංහල භාෂාවද ඇතුලත් කර තිබීම විශේෂත්වයකි. දැනට Oneplusone දුරකතනයේද , ඉදිරියේදී Micromax ජංගම දුරකථන සමාගම් විසින් ඔවුන්ගේ නිල මෙහෙයුම් පද්ධතිය ලෙස ඇතුලත් කිරීමටද සැලසුම් කර තිබේ.

පහත සබැදිය මගින් ඔබගේ ජංගම දුරකතනයටත් මෙහි සංස්කරණ තිබෙනවාද බලන්න.

https://download.cyanogenmod.org/



 
Related Posts with Thumbnails