Ads 468x60px

.

ඡායාරූප ගන්නට එපා යෑයි හඬමින් නිරුවත අතින් වසාගෙන සිටි නාවික සෙබළාගේ අනියම් බිරිඳ


සිය අනියම් බිරිඳ වූ 39 හැවිරිදි දෙදරු මවක්‌ කළුගඟ අසබඩ ලැගුම්හලකට රැගෙන ගොස්‌ ඇයගේ බලවත් විරෝධය මැද නිරුවත වීඩියෝ කර මිතුරෙකුගේ මාර්ගයෙන් අන්තර් ජාලයට හා හිතවතුන්ට ලබාදුන් නාවික සෙබළකු පිලිබඳ පුවතක් කළුතර ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම වීඩියෝ පට සහිත කැමරාව ළඟ තබාගෙන නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එක්‌කළ ව්‍යාපාරිකයකුද පයාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

නාවික සෙබළා හා කාන්තාව අනියම් සබඳතාවක්‌ පවත්වා ඇතැයි ද ඉකුත් දා ලැගුම්හලකට රැගෙන ගොස්‌ ඇය නිරුවත් ඡායාරූප ගන්නට එපා යෑයි හඬා වැළපෙමින් නිරුවත අතින් වසාගෙන සිටියදී අනියම්

පෙම්වතා වන නාවික භටයා මෙම ඡායාරූප රැගෙන ඇතැයි සැකකාර සෙබළාගේ නිරුවත් ඡායාරූප ද මෙම වීඩියෝ පටවල දක්‌නට ඇතැයිද පොලිසිය පවසයි.

අනියම් බිරිඳ තමන්ගේ ඡායාරූප අන්තර්ජාලයේ හා වීඩියෝ හල්වල ඇතැයි දැන ගැනීමෙන් පසු පයාගල පොලිසියට පැමිණිලි කිරීමෙන් පයාගල පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ජනක විතාන මහතා ප්‍රමුඛ පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ විසින් සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත.

නාවික සෙබළා හා ඔහුගේ මිතුරා වන ව්‍යාපාරිකයා අමනාපවීමෙන් පසු ව්‍යාපාරිකයා විසින් මෙම ඡායාරූප අන්තර්ජාලයට හා මිතුරන්ට ලබාදී ඇතැයි පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. සැකකාර නාවික සෙබළා හා ව්‍යාපාරිකයා ඊයේ (3 දා) කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
 
Related Posts with Thumbnails