දැරිය අපයෝජනයට ලක්ව ඇත්තේ තායිලන්තයේ පැසී නගරයේදී බවද පැවසේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇති 43 වියැති සැකකරු මැනිලාහි සුප‍්‍රසිද්ධ සරසවියක ආචාර්යවරයෙකු ද වන බව වාර්තා වේ.
දැරිය අපයෝජනයට ලක්වන අවස්ථාවේ එහි පැමිණි ඇගේ මව විසින් මාර්ගය පිරිසිදු කරන්නෙකුගේ ආධාර ඇතිව දැරිය බේරාගෙන සැකකරුව පොලිස් භාරයට පත් කර ඇතැයි පැවසේ.
සැකකරුට එරෙහිව ලිංගික අපයෝජනය හා අතවර කිරීමේ චෝදනා යටතේ ඉදිරියේදී නඩු පැවරීමට නියමිත බවද එම වාර්තාවලින් හෙලිකර තිබේ.