අදාළ තැනැත්තා මුළු ඇග පුරාම ගී‍්‍රස් තවරාගෙන සිටින බව පැවසෙන අතර ඔහු කොටුකර ගැනීමට මේ වන විට විශේෂ පොලිස් මෙහෙයුමක් දියත්කර ඇතැයි ද පැවසේ.
තුවාල ලැබූ එක් කාන්තාවක් මෙම තැනැත්තාට පොරවකින් පාදයකට පහරදී ඇති බවත් ඉන් එම තැනැත්තාට තුවාල සිදුව ඇති බවට පොලිසිය සැකකරන බවද කීය.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මහියංගන, ගිරාඳුරු කෝට්ටේ, බදුල්ල, බණ්ඩාරවෙල හා කන්දකැටිය වැනි පොලිස් ස්ථානවලින්ද පොලිස් කණ්ඩායම් ගෙන්වා ඇතැයි පැවසේ.