ග්‍රීස් යකුන් පිළිබඳව භීතිය බදුල්ල ප්‍රදේශය පුරාද තදින් පැතිර යමින් පවතින අතර එවන් සැකකටයුතු පුද්ගලයෙකු (ග්‍රීස් යකෙක්) ගේ ග්‍රහණයට ලක්‌ව ගතෙහි සපාකෑම් හා සීරීම් තුවාල සහිතව කාන්තාවක් (07 දා) රෝහල් ගත කොට ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
මෙසේ රෝහල් ගත කොට ඇත්තේ බදුල්ල හිඟුරුගමුව වත්තේ පදිංචි දේවිකා ජෝසප් නමැති 30 හැවිරිදි විවාහක කාන්තාවකි.
මෙම කාන්තාව නිවසේ සිටින විට අදාළ සැකකරු ගෙයි පිටුපස දොරෙන් ගෙට ඇතුළුව එම කාන්තාවට අතවර කිරීමට සැරසී ඇති අතර ඔහු සමග පොර බැදීමේදී ඇය සපාකෑමට හා නියපොතුවලින් සීරීමට ලක්‌ව තිබේ.
බොහෝ විට මෙම ග්‍රීස් යකුන් නමින් ජනතාව භීතියට පත් කරන්නේ මෙවන් සල්ලාලයන්, සොරුන් හා විවිධ විකෘති මානසිකත්වයෙන් යුතු පුද්ගලයන් බව මේ වන විට ප්‍රදේශයේ සිදු වූ සිද්ධීන් රැසකින් අනාවරණය වී තිබේ.