Ads 468x60px

.

ඕං...දැම්ම කිව්වා ...යනව එහෙම නෙවෙයි ගී‍්‍රස් ගහේ නඟින්න.බිරියගෙන් තහනමක්

අවුරුදු උත්සවවල ගී‍්‍රස් ගහේ නැග ජයග්‍රහණ රැසක් ලබා ගත් පුද්ගලයකුට ලබන වසරේ අවුරුදු උත්සවවල ගී‍්‍රස් ගහට නැගීමේ තරඟයට සහභාගිවීම ඔහුගේ බිරිය සහ දරුවන් විසින් තහනම් කළ පුවතක් පස්දුන් කෝරලයෙන් වාර්තා වෙයි

සිද්ධිය සම්පූර්ණයෙන් මෙසේ ය.
ඔහු කාර්මිකයෙකි. විනෝදකාමියෙකි ක්‍රීඩාවට දක්ෂය. බිරිය සහ දරුවන් සමඟ දැහැමෙන් සෙමෙන් දිවි ගෙවයි. ගමේ කාටවත් වරදක් නැත. ගී‍්‍රස් විජේ මිතුරන් ඔහුට පට බැඳි නමයි. ඒ ඔහු අවුරුදු උත්සව වලදී නැතිවම බැරි අයකු වීමය. ගී‍්‍රස් ගහ ඔහුට සෙල්ලමකි. ගී‍්‍රස් ගහේ නැඟීමේ තරඟයෙන් ජයග්‍රහණ රැසක් හිමිකැරගෙන ඇත්තෙකි. ගී‍්‍රස් ගහේ තරඟයට ඔහු ඉදිරිපත් වෙද්දී සෙස්සෝ මඟහරිති.
ගී‍්‍ර්ස් ගහේ නැග කොඩිය අතට ගනිද්දී අවුරුදු උත්සව භූමියේ සිටින අය ඔල්වරසන් දෙති.
 
ගී‍්‍රස් විජේ කොඩිය රැගෙන පහතට එන්නේ රටක් රාජ්‍යයක් අත්පත් කර ගත්තකු ලෙස ජයග්‍රහාහී විලාසයෙනි. අවුරුදු උත්සවයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ඔහු ත්‍යාග ලබන්නට වේදිකාවට ගොඩවන්නේ ගී‍්‍රස් තැවරුණ සිරුර පිටිනි. ත්‍යාගය රැගෙන නිවෙසට යන්නේ ද එසේමය. අතරමග සිටින අය ඔහුට සුබ පතති.
 
එහෙත් ලබන වසරේ අවුරුදු උත්සවවලට ගී‍්‍රස් ගහේ නැඟීමේ තරගයට සහභාගිවීමට ඔහුට තහනම්කැර ඇත්තේ බිරිය සහ දරුවන් විසිනි. ඊට ප්‍රධන හේතුව ගී‍්‍රස් යකුන්ගේ භීතිකාවයි. ඔයා කොඩිය අරගෙන බිමට බැහැලා හවස තෑගිත් අරගෙන රෑ යාමේ ගී‍්‍රස් පිටින් මහපාරේ ගෙදර එද්දී ඔයාට අත්පුඩි ගහපු මිනිස්සු ‘මෙන්න ග්‍රීස් යකා එනවෝ’ කියලා කෑ ගහලා මුළු ගමම ගෙන්නලා ඔයාට තඩිබායි.
 
අන්තිමට ඉස්පිරිතාලෙ ලගින්න වෙයි. ඕං... දැම්ම කිව්වා ... යනව එහෙම නෙවෙයි ගී‍්‍රස් ගහේ නඟින්න. බිරියගේ අණට ඔහු අවනත වී ඇති බවද දැනගන්නට ඇත.
.
 
Related Posts with Thumbnails