Ads 468x60px

.

තෙන්නමරච්චිහි සිසුවියන්ට ගුරුවරුන්ගෙන් ලිංගික අතවර

තෙන්මරාච්චිය ප‍්‍රදේශයේ පිහිටි ප‍්‍රධාන පාසල්වල ගුරුවරුන්ගෙන් එම පාසල්වල අධ්‍යාපනය ලබන සිසුවියන්ට ලිංගික හිරිහැර සිදුවන බවට චෝදනාවක් එල්ලවී තිබේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරිය ප‍්‍රාදේශීය ලේකම් හා ළමා ආරක්‍ෂක නිළධාරින් විසින් කරන ලද පැමිණිල්කට අනුව මේ වනවිට චාවකච්චේරිය අධිකරණයේ තුළ නඩුවක් විභාගවෙමින් තිබෙන බවවාර්තා වේ.
මේ අතර, එවැනි ගුරුවරුන් අත්තඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා ලෙස ද චාවකච්චේරිය මහේස්ත‍්‍රාත් මානිකවාසකර් ගනේසරාසා මහතා විසින් පොලීසියට නියෝග කර තිබේ.

ගුරුවරුන්ගෙන් සිසුවියන්ට ලිංගික හිරිහැර සිදුවුව ද ඒවා සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිලි කිරීමෙන් සිසුවියන්ට කැළැල් ඇති විය හැකි යැයි යන බිය නිසා එම සිසුවියන්ගේ දෙමාපියන් පොලිසියට පැමිණිලි නොකරන බවමේ අතර, වාර්තා වේ.

මෙලෙස හිරිහැරවලට  ලක්වූ දරුවන් පාසල් යාමටබියවී සිටින බවපැවසේ
 
Related Posts with Thumbnails