Ads 468x60px

.

කුරුණෑගලට හිම වැසි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට හිම වැසි වැටි ඇති බව කාලගුණික දෙපාර්තුමේන්තුව වාර්තා කරනවා.තවත් හිම වැසි ඉදිරියේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව වාර්තා කරනවා.මෙම අසාමාන්‍යය තත්වයට හේතු තවමත් පැහැදිලි වී නැහැ.


නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය අවසන්වීමත් සමඟ අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය ආරම්භ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට අපර භාගයේ දී අයිස් වැසි ඇති විය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චමින්ද ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

උදේ කාලය තුළ පැහැබර කාලගුණික තත්ත්වයක් පැවතිය ද සන්ධ්‍යා කාලයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල කැටි වැහි වළාකුළු වර්ධනය වී ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ඒ පිළිබඳව පැහැදිලි කළ කාලගුණ විද්‍යාඥ චමින්ද ද සිල්වා මහතා පෙන්වාදුන්නේය.

එම කැටි වැහි වළාකුළු ඉහළ අහසට වර්ධනය වීමෙන් ඇතැම් අවස්ථාවලදී අයිස් කැට ලෙස වර්ෂාව ඇති විය හැකි බව ඔහු සඳහන් කළේය.

මේ දිනවල කැටි වැහි වළාකුළු වර්ධනය වීමත් සමග මෙවැනි තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව ද හෙතෙම අවධාරණය කළේය. 
 
Related Posts with Thumbnails