Ads 468x60px

.

බොලිවුඩ් නිලියක්වීමේ සිහිනය සැබෑකර ගැනීමට යුරේනි සීනි වෙළෙන්දෙක් හා බොලිවුඞ් ගිහින්

කිඳුරංගනා ටෙලිනාට්‍යයේ සංජුගේ චරිතයට පණ පොවමින් පේ‍්‍රක්ෂකයා අතර ජනපි‍්‍රයත්වයට පත්වූ යුරේනි නොෂිකා බොලිවුඩ් සිනමාව හා සම්බන්ධවීමට ඉන්දියාවට ගොස් ඇතැයි වාර්තා වේ.යුරේනිගේ බොලිවුඩ් නිලියක්වීමේ සිහිනය සැබෑකර ගැනීමට පසුගිය කාලයේදී ‘සීනි’ වෙළෙඳාමේන් ධනවතෙකු බවට පත්වූ අයෙකු මුදල් වියදම් කරන බව ද පැවසේ.


මෙම වෙළෙන්දා හා යුරේනිගේ හාදකම ආරම්භවී ඇත්තේ අදාළ වෙළෙන්දා වසරේ කඩවසම්ම තරුණයා සොයා ගැනීමට මුදල් වියදම් කළ තරගයක දී බව ද වාර්තා වේ.එම වැඩසටහන ඉදිරිපත් කර ඇත්තේ යුරේනි බව ද වාර්තා වේ.කෙසේවුවද යුරේනිට ඉන්දියාවේදී පිලිප්ස් සමාගමේ චිත‍්‍රපට වෙළෙඳ දැන්වීමක් සඳහා පෙනී සිටීමේ අවස්ථාව උදාවී ඇති අතර ඇය එම දැන්වීම සඳහා ජෝන් ඒබ‍්‍රහම් හා අම්රිතා රාඕ සමඟ පෙනී සිටි බව ද වාර්තා වේ.
 
 
රංගනයට පිවිසීමට පෙර, නීතිඥවරියෙකු වීමේ අපේක්‍ෂාවෙන් නීතිය හැදෑරූ ඇය, පසුව මෝස්තර නිරූපණ ශිල්පිණියක් හා ගුවන් සේවිකාවක් ලෙස ද කටයුතු කළාය.කිඳුරංගනා ටෙලිනාට්‍යයෙන් රංගනයට අත්පොත් තැබූ ඇය, අයාල්, සඳ සාක්ෂි, පිංගල දනව්ව ටෙලිනාට්‍යවලද රඟපෑවාය.මීට අමතරව ඇය  තිසර ඉඹුලානගේ ’නිනෝ ලයිව්’ හා දිනේෂ් ප‍්‍රියසාද්ගේ ’ඇද්ද ලණුව දැම්ම කොඩිය’ යන චිත‍්‍රපට සඳහා ද රංගනයෙන් දායක විය.’සිරස ඩාන්සින් ස්ටාර්ස්’ වැඩසටහන තුළින් ඇය සිය නර්තන කුසලතාවයන් ද ඉදිරිපත් කළාය.
 
Related Posts with Thumbnails