Ads 468x60px

.

ගඩාෆිගේ මරණයේ සිත් වේදනාවෙන් ඊජිප්තු මුබාරකුත් මියයයි..

ආරාබි නැගිටීම ලෙස බටහිර රටවල් විසින් හදුන්වනු ලබන ආරබි ලෝකය හරහා හමාගිය එම රටවල සිටින පැරණි නායකයින් බලයෙන් පහකිරීමේ ප්‍රථම භාගයේ කැරලි කෝලාහල හේතුවෙන් එනම් මෙම වසරේ පෙබරවාරී මාසයේදී බලයෙන් පහකරනු ලැබූ හිටපු ඊජිප්තු නායක හොස්නි මුබාරක් ද ලිබියානු හිටපු නායක කර්නල් මුවාමර් ගඩාෆිගේ මරණය සැළවීමත් සමඟ ඇති වූ සිත්වේදනාවෙන් මීට සුළු මොහොතකට පෙර මියගිය බවට රුසියානු මාධ්‍යවාර්තාවල සඳහන් වේ.

පෙබවාරී මාසයේ ඊජිප්තුවේ සිදුවූ කැරලි කෝලාහලවලදී කැරලිකරුවන් මරා දැමීම සඳහා නියෝග නිකුත් කිරීම සහ 40 වසරක  පාලන කාලය තුළදී සිදුවූයේ යැයි කියැවෙන දූෂණ වංචා හේතුවෙන් අසු වසර ඉක්මවා සිටින ඊජිප්තු හිටපු නායක හොස්නි මුබාරක්ට විරුද්ධව පවනවා ඇති නඬු කිහිපයක් හේතුවෙන් මාස ගණනක සිට ඊජිප්තු හමුදා අත්අඩංගුවේ පසුවේ. තවද, අසුවිය ඉක්ම වූ මෙම නායකයා දැඩි අසාධ්‍යය තත්ත්වයේ පසුවන බැවින් දැඩි වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියි.

ඔහු ඔහුගේ නඩු වලටද පෙනී සිටීම සඳහා උසාවියට පැමිනෙන්නේද රෝහල් ඇඳකිනි. ඊජිප්තු මාධ්‍යය වාර්තාවලට අනුව ඔහුට එල්ලව ඇති චෝදනා වලින් නිදහස් වීම සඳහා මුබාරක් මෙසේ ඇඳක වැතිරී උසාවියට වාර්තාකරනු ලබන බවද සඳහන් වේ. එනමුත්, මුබාරක්ට විරුද්ධව පනවා ඇති මෙම නඬු විභාග වලින් කිසිවකට ඔහු තවම වරදකරු වී නොමැත. මෙහිදි මුබාරක්ට විරුද්ධව විවිධ පුද්ලගයින් විසින් ලබාදී තිබු සාක්‍ෂී විල විශාල පරස්පරතා තිබී ඇත.

කෙසේ හෝ දැඩි සත්කාර ඒකකයේ පසුවන මුබාරක්ද, ලිබියානු කැරලිකරුවන්ගේ අත්අඩංගුවේ පසුවූ මුමාරක්ගේ දිගු කාලීන මිතුරෙකු වූ හිටපු ලිබියානු නායක කර්නල් මුවාමර් ගඩාෆීගේ කෘර මරණය අද දින සැලවීමක් ඔහුට ප්‍රබල හඳවත් රෝගයක් හටගෙන ඇත. ඔහුගේ මෙම හඳවත් රෝගයට වහා ප්‍රතිකාර කිරීම සඳහා ඔහුව දැඩි හමුදා ආරක්‍ෂව යටතේ රෝහල් ගතකර ඇති අතර එම හේතුවෙන් මුමාරක්ද මියගොස් ඇතැයි ඊජිප්තුව පුරා කටකතා පැතිරයන බව රුසියානු වාර්තා අනුව සඳහන් වේ.

විශේෂයෙන් මේ වනවිට මුබාරක්ට ප්‍රතිකාර ලබාදීම සඳහා ඇතුල්කර ඇති රෝහල වටා දැඩි හමුදා ආරක්‍ෂාවක් යොදවා ඇති බැවින් ගඩාෆීගේ මරණය සැලවීමත් සමඟ ඊජිප්තු හිටපු නායක මුබාරක්ද මිය ගිය බවට පුවත් පළ වෙමින් පවතී.
 
Related Posts with Thumbnails