Ads 468x60px

.

ගුවන් යානය පියාසර කරමින් තිබියදී කාන්තාවක දරුවකු බිහි කරයි

ඉන්දියාවෙන් පියාසර කිරීම ඇරඹූ ගුවන් යානයක සිටි ගැබිණි කාන්තාවක ගුවන්යානය තුළ ගැහැණු දරුවකු බිහි කර තිබේ.
එම ගුවන් යානය කසකස්ථානයට අඩි 34,000ක් ඉහලින් පියාසර කරමින් තිබියදී අදාළ කාන්තාව දරුවා බිහිකර ඇතියි විදෙස් වාර්තාවල සඳහන් වේ.


ඉන්දියාවේ ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් 21 දා රාත‍්‍රීයේ පියාසර කිරීම ඇරඹු මෙම යානය කැනඩාවේ ටොරොන්ටෝ නගරය දක්වා ගමන්කරමින් තිබූ බව පැවසේ.

දරුවා බිහිකිරීමට මව සුදානම් වීමත් සමග යානයේ කාර්ය මණ්ඩලය එහි නියමුවා දැනුවත් කර තිබේ.
පසුව ගුවන් නියමුවා ආසන්නම ගුවන් තොටුපළට යානය ගොඩ බැස්සවීමට සූදානම් වී ඇතත් එහි සිටි වෛද්‍යවරියක් ප‍්‍රසූතිය සඳහා ගැබිණි මවට සහයවීමට එකගවීමෙන් පසුව යානය ගමනාන්තය තෙක් පියාසර කර තිබේ.
 
 
Related Posts with Thumbnails