Ads 468x60px

.

මිලියන 17.8 ක් වැයවන කෝසලගෙයි අනුලාගෙයි නිවහන

කෝසල හා අනුලා කූඩු වූයේ මීට සිවුවසරකට පෙරදීය.නොකීවාට කොසලට මෙන්ම අනුලාටද දැන් පැටියෙකු පිළිබඳ සිහිනයක් ඇතුවාට සැකයක් නැත.
කෝසල හා අනුලා යනුවෙන් හඳුන්වන්නේ දෙහිවල සත්වෝද්‍යානයේ වෙසෙන රයිනෝසිරස් යුවළයි.එත් ඊට ඔවුන්ගේ කූඩුව ඉඩ කඩ මදි වූ බැවින් 2011 ජූනි 30 වැනි අලුත් නිවහනක් තැනීම ආරම්භ විය.ව්‍යාපෘතියේ ඉදිකිරීමේ කටයුතු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව භාරගත් අතර මේ සඳහා රුපියල්  මිලියන 17.8 ක් ද වෙන් විය. එම බර පැන දැරුවේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසිනි.


දෙහිවල සත්වෝද්‍යානයේ සිටි රයිනෝසිරස් සත්ව විශේෂය මියයාමෙන් පසුව දැනට සිටින රයිනෝසිරස් ජෝඩුව ලංකාවට රැුගෙන ආවේ 2007 වර්ෂයේදීය.
ජපානයේ නගෝයා සහ හිරෝෂිමා යන සත්වෝද්‍යානවලින් මොවුන් ජෝඩුව සත්ව හුවමාරුවක් යටතේ ලැබිණි.දෙහිවල සත්වෝද්‍යානයෙන් ජපානයට දුන් අලි ජෝඩුවට හිලව්වක් වශයෙන් මුන් ලැබිණි.
ලංකාවෙන් ජපානයට දුන් අලි ජෝඩුවගේ නම් වූයේද කෝසල හා අනුලා වීම විශේෂ සිද්ධියකි.

ලෝකයේ රයිනෝසිරස් වර්ග 5ක් වාසය කරති.අඟ 2ක් සහිත රයිනෝසිරස්, ජාවන් රයිනෝසිරස්, සුමාත‍්‍රන් රයිනෝසිරස්, රයිනෝසිරස් සහ ඉන්දියානු රයිනෝසිරස්, එකී වර්ග 5 වේ.මේ අතරින් වඳ වී යෑමේ දැඩි තර්ජනයකට මුහුණපා සිටින්නේ  ඕතචජඬ රයිනෝසිරස්, ජාවන් රයිනෝසිරස් හා සුමාත‍්‍රන් රයිනෝසිරස් යන වර්ග තුනය.ජපානයේ සිට කෝසල හා අනුලා ලංකාවට ආවේද විශේෂ ගුවන් යානාවකිණි.මෙම රයිනෝසිරස් යුවළ ප‍්‍රථම වරට මුණගැසුණේ ලංකාවේදීය.

ඊට හේතුව ඔවුන් දෙපළ එකම රටකම විසූව ද සත්වෝද්‍යාන 2ක වාසය කිරීම නිසාය.මෙහි පැමිණි මුල් දින කීපයේ කෝසල හා අනුලා අතර එතරම් ඇයි හොඳයියක් නොතිබුණු බවද පැවසේ.දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ භාෂ්වර සේනාංක ගුණරත්නය මහතා රයිනෝසිරස් අභිජනනය පිළිබඳව කියන්නේ මෙවැනි කතාවකි.

”අපේ රටේ රයිනෝසිරස් අභිජනනය කිරීමක් සිදුවී පැටවකු ලබා ගන්න නම් ඒ සඳහා පහසුකම් ලබා දෙන්න.  ඕනෑ. ඒත් දැන් ඉන්න විදිහට රයිනෝසිරස් ජෝඩුවට ප‍්‍රමාණවත් පහසුකම් හා ඉඩකඩ නැහැ. මොකද රයිනෝසිරස් ජෝඩුවක් ලිංගික කාර්යයේ යෙදී අවසාන වුණාම ගැහැනු සතා පිරිමි සතාට එළව එළවා පහර දෙනවා. එතකොට පිරිමි සතා දුවලා ගිහින් හැංගිලා ජීවිතය බේරා ගන්නවා. සමහර වෙලාවට මෙවැනි පහර දීමකින් පිරිමි සතා මරණයට පත්වෙන්න පුළුවන්. ඒ නිසා මේ රයිනෝසිරස් ජෝඩුව එකතු කරන්න ඉස්සෙල්ලා පිරිමි සතාට දුවන්න ඉඩකඩ, හැංගෙන්න අවශ්‍ය පහසුකම් අපි සපයා දෙන්න  ඕනෑ. ඒ නිසා තමයි අපි රයිනෝසිරස් ජෝඩුවගේ තුඩුව ලොකු කරලා අවශ්‍ය පහසුකම් සපයන්න තීරණය කළේ.”

රයිනෝසිරස් කූඩුව විශාල කිරීමත් සමගම වැඩිපුර ඇවිදින්නට ඉඩකඩ ලැබෙන බැවින් එය සතුන් දෙපළට ඉතා හොඳ ව්‍යායාමයක් ද වනු ඇතැයි පැවසේ.මේ අනුව දැනට වර්ග මීටර් 450ක්ව තිබෙන රයිනෝසිරස් කූඩුවේ වර්ගඵලය වර්ග මීටර් 1050දක්වා වැඩි කිරීම සිදුවේ.දෙහිවල සත්වෝද්‍යානයේ ඔටුවන්, ජිරාෆ් යන සත්වයන් රඳවා තිබෙන ස්ථානවලට ආසන්නව පිහිටි රයිනෝසිරස් කූඩුව විශාල කරනු ලබන්නේ පාරෙන් එහා ඇති අප‍්‍රිකානු මීහරක් රඳවා තිබූ කූඩුව සහ පාර මෙයට සම්බන්ධ කරමිනි.

මේ වන විට අප‍්‍රිකානු මීහරක් වෙනත් ස්ථානයක රඳවා තබා ඇත.පාරෙන් එහා ඇති අප‍්‍රිකානු මීහරකුන්ගේ ස්ථානය, රයිනෝසිරස්, රැඳවුම් ස්ථානයට සම්බන්ධ වන්නේ ඒ මධ්‍යයේ ඇති පාරද ඊට එකතු කිරීමෙනි.
මේ අනුව දෙහිවල සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන අයට ගමන් කිරීමට පාර තිබූ තැන ඉහළින් ගුවන් පාලමක් ඉදි කෙරෙයි.ඊට යටින් දිව යන පාර උමං මාර්ග 2ක් ලෙස ඉදි වනු ඇත.එමෙන්ම කෘත‍්‍රිම කඳු 2ක් රයිනෝසිරස් නිවහනේ ගොඩ නංවනු ලබන්නේ ස්වාභාවිකත්වය මෙහි ආරෝපණය කරනු පිණිසය.

මෙම වසරේ මැද භාගයේ වැඩ අවසාන කිරීමට බලාපොරොත්තු වන රයිනෝසිරස්ගේ නවීකරණය කළ නිවහන, දෙහිවල සත්තු වත්ත නරඹන්නන්ට පාලමේ සිට වඩාත් හොඳින් නැරඹිය හැකි සුන්දර ස්ථානයක් වනු නිසැකය.
 
Related Posts with Thumbnails