Ads 468x60px

.

ජෝන් හා ඔහුගේ පෙම්වතිය බැඳලා නෑ ලු ..! ඉතින්...

සුපිරි බොලිවුඩ් නළු ජෝන් ඒබ‍්‍රහම් හා ඔහුගේ පෙම්වතිය වන පි‍්‍රයා රන්චල් පසුගියදා ලොස් ඇන්ජලීස් වලදී විවාහ වූ බවට කටකතා අන්තර්ජාලය පුරා පැතිර ගියේ ලැව්ගින්නකටත් වැඩි වේගයෙන්.


කෙසේ නමුත් මේ දෙදෙනා විවාහ වී නැතැයි ඉන්පසුව වාර්තා විය.
ජෝන් විවාහ වී නැතැයි පවසන්නේ ඔහුගේ මාධ්‍ය නියෝජිතවරියයි.
මෙම කටකතාව පැතිර යන විට ජෝන් මාධ්‍ය හමුවක සිටි බව ඇය පවසා ඇත.

බොලිවුඩ් නිළි බිපාෂා බාසු හා වසර ගණනාවක් පුරාවට පැවති පෙම්පුවත දෙදරා යාමෙන් අනතුරුව ජෝන් හා පි‍්‍රයා අතර ආදර සබඳතාවයක් ඇති වී ඇතැයි පසුගියදා හෙළි විය.ව්‍යායාම කිරීම සඳහා එකම ස්ථානයකට ගිය පි‍්‍රයා, ජෝන් හා බිපාෂා කලක් සිට හොඳ මිතුරන් බවද පැවසේ.
 
Related Posts with Thumbnails