Ads 468x60px

.

කුස පබාගේ වැඩේට ඇගිලිගසන අයට ඇගිල්ල දික්වේ

මහාචාර්ය සුනිල් ආරියරත්න කලකට පසුව අධ්‍යක්ෂණය කළ ‘‘කුස පබා” චිත‍්‍රපටයේ මාධ්‍ය දර්ශනය පැවැතියේ පසුගිය 18 වැනිදා කොළඹ චිත‍්‍රපට සංස්ථාවේදීය.සම්ප‍්‍රදාය අනුකූලව චිත‍්‍රපටය හැඳින්වීම කළ යුතුවන්නේ චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයා විසින් වුවද මෙහිදී ‘කුස පබා’ හැදින්වීම කරනු ලබුවේ එහි නිෂ්පාදන දායකයකු වූ ආචාර්ය සෝමරත්න දිසානායක විසිනි.


ඔහුගේ කතාවද හරි අපූරු එකක් විය ඔහු පැවසුවේ ‘කුස පබා’ සංකල්පය සුනිල්ගේ හිතේ, හීනවල තිබෙන්නට ඇතිවුවද ඔහු එම චිත‍්‍රපටය පළමුවරට දකින්නේ අදාළ මාධ්‍ය දර්ශනයේදී බවයි.එම ප‍්‍රකාශය තරමක අමුතු තාලයේ එකකි. අධ්‍යක්‍ෂවරයා තම චිත‍්‍රපටය පළමුවරට දකින්නේ මාධ්‍ය දර්ශනයේදී නම් ඔහු අධ්‍යක්‍ෂවරයා ලෙස චිත‍්‍රපටය තුළ කළ භූමිකාව කුමක්ද යන්න ප‍්‍රශ්නයකි.

කෙසේවුවද ‘කුස පබා’ රූගත කළ කාලයේදී ක්ෂේත‍්‍රය තුළ පැතිරී තිබූ කටකතාවලට එය තටු සපයන ආකාරයේ කතාවකි.විශේෂයෙන් එසමයේ ‘කුස පබා’ ට දායකවී සිටි කිහිපදෙනෙකුම පවසා තිබුණේ ‘කුස පබා’ ට අධ්‍යක්‍ෂවරුන් කිහිපදෙනෙකු සිටින බවයි.මෙසේ සුනිල්ගේ වැඩේට ඇගිලිගසන අනෙක් අය ලෙස උදයකාන්ත, ජැක්සන් හා සෝමරත්නට එකල ඇගිල්ල දිගුවී තිබිණි.

මේ අතර, මහාචාර්ය සුනිල් ආරියරත්නගේ සාර්ථකම චිත‍්‍රපටය ලෙස සැලැකෙන ‘සරුංගලේ’ අධ්‍යක්‍ෂණය සම්බන්ධයෙන්ද ක්ෂේත‍්‍රයේ මෙවැනිම රාවයක් පැතිරී තිබිණි.එනම් එම චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණ කළේ සුනිල් විසින් නොවන බවත්, නැසීගිය ප‍්‍රවීන නළු ගාමිණී ෆොන්සේකා විසින් එය අධ්‍යක්ෂණය කළ බවයි.
වැඩිවිස්තර පසුවට....
 
 
Related Posts with Thumbnails