Ads 468x60px

.

ජැකා විරිඳු කාරයෙගෙන් සමාව ගනී

ජනපි‍්‍රය නළු ජැක්සන් අන්තනි පාසල් කාලයේ එක් පොසොන් සමයක කොල්ලන් කාණ්ඩයක් සමග අනුරාධපුර සංචාරයකට යාමට රාගම දුමිරිය පලට විත් සිටියදී එහි නිදාසිටි විරිදු කරුවෙකුගේ රබානක් සොරකම්කර ඇතැයි වාර්තා වේ.


ජැක්සන් සිය රබන් සොරකම සම්බන්ධයෙන් සතිඅන්ත පුවත්පතකට පාපොච්චාරයක් කර තිබිණි.සංචාරයට යාමට තමාගේ රබාන ගෙනඒමට අමතකවීම හේතුවෙන් කොල්ලන්ගේ බැනුම් අසා සිටීමට නොහැකිවීම නිසා මෙම සොරකම කළ බවටද ජැක්සන් සිය සොරකම සාධාරණීය කර තිබිණි.

තමාගේ සිතටත් පව්කාර සිතිවිලි පහළ වන බවද පවසා ඇති ජැක්සන් පසුව එම පව මීට අවුරුදු 10 කට පමණ ඉහතදී එක්ස්රේ කොළයක් රාමුවකට තබා සකස්කරගත් රබානකින් විරිඳු කියමින් සිටි විරිඳු කාරයෙකුට රබානක් මිලදී ගැනීමට මුදල්දී සමාකරගත් බවද පවසා තිබේ.
 
Related Posts with Thumbnails