Ads 468x60px

.

පහුගිය දවස්වල නිළියක් සම්බන්ධ කරලා දියත් කල මඩ ප්‍රහාරය ගැන රොෂාන් කතා කරයි.

ඒ අයට ඕන වුණේ මායි පූජායි ඔය උත්සවයට ගෙන්න ගන්න...

පූජා ලංකාවේ නැති නිසා දිනක්ෂිව ගෙන්න ගන්න ප්ලෑන් කළා...

නිරූපණ ශිල්පියෙක් ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ රොෂාන් රණවන චිත්‍රපටයකට දායක වන්නේ ‘හිරි‍පොඳ වැස්ස’ සමගයි. හිරි‍පොඳ වැස්ස චිත්‍රපට යේ සිට ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපය දක්වාම චිත්‍රපට හා ටෙලිනාට්‍ය ගණනා වකට එක්වන්නට ඔහුට හැකිවුණා.

ජනප්‍රිය නළුවන් අතර ඉහළින් සිටින්නටත් ඔහුට තවමත් හැකි වී තියෙනවා. රොෂාන් රණවන මේ දිනවල ඔහුගේ ජීවිතයේ අලුත් තොරතුරු කියන්නට අපත් සමඟ එකතුවුණා. 

මේ ඔහුත් සමඟ කල කතා බහක්

රංගන ශිල්පියෙක් වෙන්න ලැබිම ගැන මොකද හිතෙන්නෙ?

රංගනයෙන් එක්වෙලා ජනතාවගේ ආදරය දිනාගන්න ලැබිම ගැන සතුටුයි. ඒක වාසනාවක්. ඒ අතරේ අවාසනාවන්ත දේවල් පවා ජනප්‍රියත්වය නිසා සිදුවෙනවා. අපි කොයිතරම් හොඳින් ඉන්න හැදුවත් අපට මඩ ගහන්න ඉන්න පිරිස වැඩියි. අපට වැරදි නොකරත් ප්‍රහාරයන් එල්ලවෙලා තියෙනවා.

රොෂාන් හිත් රිදීමක් වෙලාද මේ විදියට කතා කරන්නෙ?

නිළියක් එක්ක සම්බන්ධ කරලා පින්තූර ටිකකුත් අන්තර්ජාලයේ දාලා මට පහුගිය දවස්වල මඩ ප්‍රහාරයක් දියත් කරලා තිබුණා. ඒ ගැන මම ඇත්තටම කනගාටු වෙනවා.


ඔබත් දිනක්ෂිත් එකට ඉන්න පින්තූර මාධ්‍යයට ඇවිත් තියෙනවා. සම්බන්ධයක් නැත්නම් ඒ විදියේ ඡායාරූප මාධ්‍යයට නිකුත් වුණේ මොන විදියටද?

වැලන්ටයින් දවසේ වයි එෆ්.එම්. නාලිකාව මටත් දිනක්ෂිටත් ආරාධනා කළා ඒ උත්සවයට එන්න කියලා. ඒ වැලන්ටයින් වැඩසටහනට සම්බන්ධ වෙන්න කියලා. ඒ වෙනුවෙන් ඔවුන් මටත් දිනක්ෂිටත් මුදල් ලබාදුන්නා. අපි දෙන්නා අතරේ විශේෂ හැඳුනුම්කමක් තියෙන නිසා නොවේ ඒ ආරාධනය ලැබුණේ. ඒ වැඩසටහන රූපවාහිනියේ සජීව ලෙස විකාශයත් කෙරුණා. එතනදී ගත්තු පින්තූර ටිකක් දාලා තමයි මේ අය කියන්නෙ මාත්, දිනක්ෂිත් අතර ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියලා කියන්නෙ.

ඒ උත්සවයට ඇවිත් හිටිය ජනප්‍රිය අය පෙම්වතුන් නේද? ඔබ විතරක් සහභාගි වුණේ පෙම්වතිය එක්ක නොවේ?

ඔව්. ඒ උත්සවයට ඇවිත් හිටියේ පෙම්වතුන් වන ජනප්‍රිය යුවලවල්. නමුත් මම පැහැදිලිවම ගියේ පෙම්වතිය එක්ක නෙවේ. අනිත් රංගන ශිල්පියෝ පෙම්වතියත් එක්ක ගියපු නිසා ඒ අය හිතන්න ඇති දිනක්ෂි මගේ පෙම්වතිය කියලා. එහෙම හිතලා ඇත්තද නැත්තද කියලා හොයන්නෙ නැතිව මගෙන් කිසිම විමසීමක් නැතිව මේ විදියට ඡායාරූප මාධ්‍යයට නිකුත් කරලා. ඒ විදියට ඡායාරූප මාධ්‍යයට නිකුත් කිරීම කරන්න පුළුවන්ද කියලා මටත් හිතාගන්න බැහැ. මේවා මඩ ප්‍රචාරයන්.

මේ වැඩසටහනට ඔබේ පෙම්වතිය හැටියට දිනක්ෂිව තෝර ගන්න විශේෂ හේතුවක් තියෙන්න ඕන නේද?

ඒ අයට ඕන වුණේ මාත් පූජා උමාශංකර්නුත් ඔය උත්සවයට ගෙන්න ගන්න. පූජා ලංකාවේ නැති නිසා එයා ගෙන්න ගන්න අපහසු නිසා වෙන්න ඇති දිනක්ෂිව ඒ වෙනුවෙන් යොදව ගත්තෙ. දිනක්ෂි එක්ක මම චිත්‍රපටයකවත් ටෙලිනාට්‍යයකවත් එකට රඟපාලා තිබුණේ නැහැ.

දිනක්ෂි එක්ක සම්බන්ධය කෙසේ වෙතත් රොෂාන්ට පෙම්වතියක් ඉන්නවා නේද?

ඔව්. මට හොඳ පෙම්වතියක් ඉන්නවා. ඒ හිටියට ඔය විදියට මාධ්‍යයට ඡායාරූප දාලා ඇය කවුද කියලා පෙන්වීමේ උවමනාවක් මට නැහැ.

රොෂාන්ට පහුගිය කාලෙත් රංගන ක්ෂේත්‍රයේ පෙම්වතියක් ඉන්න බවට කතා පැතිරුණා.

ඔව්. ඒ පූජා සම්බන්ධවනේ. පූජා සම්බන්ධව කටකතාවක් හැදුණත් ඒකනම් ගණන් ගන්න දෙයක් නැහැ. මොකද නිතරම එකට රඟපාද්දී බොහෝ දෙනෙක් හිතනවා ඒ නළුනිළියෝ අතරේ සම්බන්ධතාවයක් තියෙනවා කියලා. දවසක් ඩුබායි එයා ‍පෝට් එකේදිත් මගෙන් කෙනෙක් ඇහුවා පූජා එක්කද ආවේ. ඔයා පූජව බැන්දද කියලත්. මම ඒ විදිය කතා ගණන් ගන්නෙ නැහැ. පූජත් මාත් අතරේ තියෙන්නේ මිත්‍රත්වයක් විතරයි.

රොෂාන් විවාහයට දැන්ම සූදානම් නැද්ද?

ඔව්. බඳින්න ඕන. ලබන අවුරුද්දේවත් විවාහ වෙන්න හිතාගෙන ඉන්නවා. ඒකට හරි කා‍ලේ එන්න ඕන.

රොෂාන් ඔබට නිර්මාණ බොහොමයක් ලැබෙන්නෙ රංගන දක්ෂතාවන්ටත් වඩා ඔබට තියෙන නළු පෙනුම නිසා නේද?

ඔව්. මට බොහෝ නිර්මාණවලට ආරාධනා ලැබෙන්න මගේ පෙනුමත් හේතු වුණා. පසුගිය කා‍ලේ නිර්මාණය කළ ප්‍රමුඛපෙළේ චිත්‍රපට බොහොමයකට මට ආරාධනා ලැබුණා. ඒක මගේ වාසනාවක්. ඒ වගේම චරිතයට මගෙන් සාධාරණයක් වෙයි කියලත් හිතුණ නිසා තමයි මට ආරාධනා ලැබුණේ.

ඔබේ සහෝදරයා වෙළෙඳ දැන්වීමක (එටිසලාට්) පෙනී සිටියා. ඔහුට චිත්‍රපටයක හෝ ටෙලිනාට්‍යයක රඟපාන්න අවස්ථාවක් ලැබුනේ නැද්ද?

මල්ලී බොහෝ වෙලාවට සම්බන්ධ වුණේ නිරූපණ කටයුතුවලට. එයාට චිත්‍රපටයකට හෝ ටෙලිනාට්‍යයකට හොඳ අවස්ථාවක් තවමත් ලැබුණේ නැහැ. හොඳ අවස්ථාවක් ලැබුණොත් ඔහු රඟපෑම් කරාවි. නිරූපණ කටයුතුවගේම රිටි පැනීමේ ක්‍රීඩා කටයුතුත් ඔහු කරගෙන යනවා.

මේ දිනවල විකාශය වන ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ රඟපාන්න ඔබට අවස්ථාව උදාවුණා නේද?

ඔව්. බෞද්ධයෙක් හැටියට ඒ චිත්‍රපටයේ නන්ද කුමාරයාගේ චරිතය රඟපාන්න ලැබිම විශාල භාග්‍යයක්. මගේ රංගන ජීවිතයේ මා ලැබූ වෙනස්ම අත්දැකීමක්. වගේම අමතක නොවන චරිතයක්.

රොෂාන් ඔබේ දෙමාපියෝ ආගම් දෙකක. ඔබ අදහන ආගම මොකක්ද?

මගේ තාත්තා කතෝලික ආගමේ. අම්මා බුද්ධාගමේ. මම අදහන්නේ අම්මගෙ ආගම බුද්ධාගම. ඒ වගේම මස් මාංශ නොකන කෙනෙක්.
 
Related Posts with Thumbnails