Ads 468x60px

.

බන්ධනාගාර පිරිමි අංශවලට වඩා කාන්තා අංශයේ සම ලිංගික සේවනය වැඩිවෙලාලු.

හේතුව 40% කටත් වැඩි ප‍්‍රමාණයක් ගණිකාවන්ලු...

හෙදියන්ගේ  සාක්කු වලිනුත් තහනම් බඩු ඇතුලට...

වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ පිහිටීම සහ නිතර ම බන්ධනාගාර ගතවන ගණිකාවන් 60%ක පමණ ප‍්‍රමාණයක් එහි සිටීමත් ඔවුන්ට නිසි ආරක්ෂාව ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අපොහොසත් වී සිටීමත් නිසා වැලිකඩ බන්ධනාගාර පද්ධතිය තුළ වැඩි පුරම දුෂණ කටයුතු සිදුවන්නේ කාන්තා බන්ධනාගාර අංශයේ බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා.

කොතෙක් වැටලීම් කළ ද හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍යත්, ජංගම දුරකතනත් කාන්තා බන්ධනාගාරය තුළට වනාතමුල්ල ප‍්‍රදේශයේ සීවලී පටුමඟ තාප්පයට උඩින් පැමිණීම වැළැක්වීමට බන්ධනාගාර පාලන අධිකාරිය අපොහොසත් වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට යන බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් කාන්තා අංශ නිලධාරිනියන් සමඟ නිරන්තර ගැටුම් ඇති කර ගන්නා බව ද බන්ධනාගාර රෝහලේ හෙද නිලධාරීන්ගේ සාක්කුවලින් ද තහනම් බොහෝ දෑ බන්ධනාගාර තුළට

ඇතුළුවීමේ ප‍්‍රවණතාවක් ඇති බව ද බන්ධනාගාර තුළට ඇතුළු වන හෙද නිලධාරීන් පරීක්ෂා කිරීමට බුද්ධි නිලධාරීන්ට ඇති තහනම නිසා ඔවුන්ට මෙසේ තහනම් දේ බන්ධනාගාර තුළට ගෙන යෑමට පහසු වී ඇති බව පැවසෙනවා.

කාන්තා අංශයේ වාට්ටු තුළ බොහෝ තැන්වල විදුලි රැහැන්වලට කම්බි අමුණාගෙන විදුලිය ලබාගනිමින් ජංගම දුරකතන චාර්ජ් කරගැනීම බහුල වශයෙන් සිදුවන්නක් බව ද දැනගන්නට ලැබී
තිබෙනවා.

බන්ධනාගාර පිරිමි අංශවලට වඩා කාන්තා අංශයේ සම ලිංගික සේවනය සිදු වන බව ද එම ආරංචි මාර්ග පවසන අතර එයට හේතු වී ඇත්තේ වැලිකඩ බන්ධනාගාර අංශයේ රඳවා ඇති කාන්තාවන්ගෙන් 40%කටත් වැඩි ප‍්‍රමාණයක් ගණිකාවන් වීම නිසා බව අනාවරණය වෙ
නවා.
 
Related Posts with Thumbnails