Ads 468x60px

.

තරුණියකගේ විවිධ ඉරියව් වලින් ගත් නිරුවත් පින්තුර ඉන්ටනෙට් දානවා කියලා බ්ලැක් මේල් කරලා.

රුපියල් ලක්‍ෂ 20 කට වැඩි ගානක් කප්පමුත් අරගෙන...

සැමියා විදේශ ගතව සිට එවූ සියලු මුදලුත් ගසාකාලා...

බේරෙන්නම බැරි තැන කාන්තාව සිය දිවි හානි කර ගන්නත් හදලා...

අනියම් සම්බන්ධතාවක්‌ පැවැත්වූ කාන්තාවගේ නිරුවත් ඡායාරූප ගෙන ඒවා අන්තර් ජාලයට දමනවා යෑයි බියකර වරින්වර එම කාන්තාව ගෙන් රුපියල් ලක්‍ෂ 20 කට අධික මුදලක්‌ ලබාගත් යුධ හමුදාවෙන් පලා ආ පුද්ගලයක්‌ පිළිබඳව ගම්පොල පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ අනුව එක්‌දරු පියෙකු වන මොහු ගම්පොල ප්‍රදේශයේ පදිංචි දළදා වීදියේ ගෙදර රජිත සාලින්ද නොහොත් මංජු නමැත්තා බවත් රුපියල් ලක්‍ෂ 10 ක ශරීර ඇප මත මීට පෙර බහු විවාහ චෝදනා යටතේ නඩු පවරා ඇති බවත් පරීක්‍ෂණ පැවැත්වූ ගම්පොල පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

සැමියා විදේශ ගතවූ එක්‌ දරු කාන්තාවක සමග අනියම් සම්බන්ධතාවක්‌ පවත්වා ඇති මොහු එම කාන්තාව ගම්පොල ප්‍රදේශයේ ලැගුම්හලකට ගෙන ගොස්‌
තිබෙනවා. එහිදී විවිධ ඉරියව් වලින් එම කාන්තාවගේ නිරුවත් ඡායාරූප ගෙන තිබෙනවා.

පසුව මුලින්ම මෙම කාන්තාවගෙන් රුපියල් ලක්‍ෂ 4 ක්‌ හා පසුව ලක්‍ෂ 5 ක්‌ද ලබාගෙන ඇති මොහු මෙම ඡායාරූප අන්තර් ජාලයට මුදාහරිනවා යෑයි බියකර ඇගේ ගිණුමේ තිබූ රුපියල් ලක්‍ෂ 15 ක්‌ද වරින් වර ගෙන
තිබෙනවා.

දිගින් දිගටම මොහු මෙසේ බියකර මුදල් ඉල්ලීම නිසා මෙම කාන්තාව සතු රන් භාණ්‌ඩ උකස්‌ කොට එම මුදල්ද ලබාදී ඇති අතර පසුව පොලියට හා ණය වී මුදල් ලබාගෙන මෙම පුද්ගලයාට දී ඇති බවද පරීක්‍ෂණ වලින් අනාවරණය වී
තිබෙනවා.

මෙම පුද්ගලයාගෙන් බේරීමට නොහැකි තැන වරක්‌ මෙම කාන්තාව ඖෂධ අධික ප්‍රමාණයක්‌ පානය කොට සිය දිවි හානි කර ගැනීමට පවා උත්සාහ දරා
තිබෙනවා.

සැමියා විදේශ ගතව සිට එවූ සියලු මුදල් හා කාන්තාව සතු මුදල් හා රන් භාණ්‌ඩ ද අහිමි කරගෙන බොහෝ දෙනෙකුට ණය වී සිටි මෙම කාන්තාව අවසානයේ පොලිසියේ පිහිට පතා පැමිණිලි කිරීම නිසා මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුනා.
 
Related Posts with Thumbnails