Ads 468x60px

.

‘මහින්දට බලයක් ලැබුණත් අගමැති වෙන්නේ වෙන කෙනෙක්‘ - යෝගීවරයෙකුගේ අනාවැකිය


ඉදිරි මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජය ගන්නා බවත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත්වන බවත් ජ්‍යෙතීර්වේදී යෝගී සුජිත් නිශාන්ත මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ලංකාදීප සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිවීමේ හැකියාවක් නොමැති බවත් නමුත් යම් ඡන්ද පදනමකින් හිටපු ජනපතිට පාර්ලි

මේන්තුවට තේරී පත් වීමේ හැකියාවක් ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

ජනතා විමුක්ති පෙරමුණට යම් කිසි ඡන්ද වැඩිවීමක් සිදු වන බවත් පෙරට වඩා ආසනවල වැඩිවීමක්ද ලැබෙන බවත් සඳහන් කළ යෝගී සුජිත් නිශාන්ත මහතා සරත් ෆොන්සේකාගේ දේශපාලනය ආපස්සට හැරෙන බවක් පෙන්නුම් කරන බවයි.

බොදු ජන පෙරමුණට ප්‍රබල ජනමතයක් ගොඩනැගීමට හැකියාවක් නොමැති බවත් තමා කිසිම පක්ෂයට ගැතිව අනාවැකි පළ නොකරන බවත් මෙතෙක් පළ කළ අනාවැකි කිසිවක් අසත්‍යවී නැති බවත් යෝගීවරයා වැඩිදුරටත් පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න.


 
Related Posts with Thumbnails