Ads 468x60px

.

ජිප්සිස් නායකයා අනාවැකියක් කියයි (වීඩියෝ)


කුරුණෑගල දිස්ත්‍රික් ඡන්ද අපේකෂක මහින්ද රාජපක්ෂ හිටපු ජනපති දේශපාලනඥයන් ඇතුළු පිරිසකට පසුගිය දා එන්තරවාසි යැවීය. ජිප්සිස් නායක ප්‍රසිද්ධ ගායක සුනිල් පෙරේරාගෙන් ද කෝටි පනහක් ඉල්ලා එන්තර වාසි යවා තිබුණා.

සුනිල් පෙරේරා පසුගිය දා හිටපු ජනපතිගේ ක්‍රියාවට ප්‍රතිචාර දැක්වීය. ඒ පසුගිය දා විශේෂ මාධ්‍ය හමුවක් කැදවමිනුයි.

ඔහු මෙවර බයිලා කිව්වේ නැත.

‘වෑන් එවා උස්සාගෙන ගොස්, අතපය නොකඩා ගැටළුවක් ඇත්නම් ප්‍රජාතන්ත්‍රවාදීව නීත්‍යනුකූලව විසඳා ගැනීමේ පිළිවෙත මහින්ද රාජපක්ෂ මහත්මයා අනුගමනය කරනවා නම් හරිම ෂෝක්. නඩු කියලා
උසාවියෙන් තීන්දු කරයිනේ වැරදිද නැද්ද කියා.‘ යැයි සුනිල් පෙරේරා කීවේය.

‘ඊයේ පෙරේදත් දෙහිවල පැත්තේ ඡන්දෙ ඉල්ලන චන්ඩියෙක් කියා තිබුණා ඡන්දෙ දිනුවට පස්සේ මට ගහන බව. මට නම් දුක ගහන පුද්ගලයා ගැන නොවෙයි. ජනතාව ගැනයි. මොකද ඔවුන් පත් කළේ ජනතාවයි. ජනතාව අසරණ නිසා වෙන්න ඇති ඔවුන් පස්සේ යන්නේ. මං කියන්නේ යන්න. ගිහින් දෙන දේවල් ඔක්කොම ගන්න. හැබැයි ඡන්දෙ දෙද්දි මැරවරයන් නම් පාර්ලිමේන්තුවට එවන්න එපා. අපට ගහනවා.

බුද්ධාගමට ගෝඩාක් ආදරේ ගායකයෙක් කියනවා අරලිය ගහ මන්දිරයේ ගේට්ටු කඩන බව. බුදු හාමදුරුවො එහෙම කියලා නෑ. මමත් බුද්ධාගම ගැන ඉගෙන ගත්තා. මං කියපු පොත්වල නම් එහෙම නෑ. අනික කඩන්න කලින් රනිල් මහත්තයා යයි. 94 ගියේ. ෆොටෝ එක මතකනේ.‘

ඡන්දය ගැන හා ජනතා නියෝජිතයන් ගැන ඔහු පළ කළ අදහස් පහත වීඩියෝවෙන්...

 
Related Posts with Thumbnails