Ads 468x60px

.

ජනාධිපතිවරණය ආසන්නවත්ම සුමනදාස අබේගුණවර්ධන මහතාගේ දැන් තත්වය.


රාජ්‍ය බුද්ධි අංශවල වාර්තා පවා නොසළකා හරිමින් ජනාධිපතිවරයාගේ ප්‍රධාන දෛවඥයා වන සුමනදාස අබේගුණවර්ධන මහතාගේ උපදෙස් අනුව කැඳවූ ජනාධිපතිවරණය ආසන්න වත්ම සුමනදාස අබේගුණවර්ධන පවා දැඩි කැළඹීමකට පත්ව ඇති බව අනාවරණය වේ.

ඔහු මේ වනවිට මාධ්‍ය ආයතනවලට සිටින තම හිතවතුන්ට කතා කරමින් පවතින දේශපාලන තත්වය පිළිබඳව තොරතුරු විමසමින් සිටින බව වාර්තා වේ. ඔහුට ඉතා සමීප මාධ්‍යවේදියෙකුට පවසා තිබෙන්නේ

''ලොක්කට කලින් කපෝති වෙන්නේ මාව'' යනුවෙන්ය.

පවතින තත්වය හමුවේ හදිසි දේව පූජාවක් කතරගමදී සිදු කරන ලෙස අබේගුණවර්ධන මහතා ජනාධිපතිවරයාට උපදෙස් දීම හමුවේ ඔහු දැඩි කෝපයට පත් වී අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බව වාර්තා වේ. කෙසේ වෙතත් 31 වෙනි දින රාත්‍රියේ ජනාධිපතිවරයා හදිසියේම කතරගම ගොස් විශේෂ දේව කන්නලව්වකට සහභාගී වී ඇත.
 
Related Posts with Thumbnails