Ads 468x60px

.

අභිරහස්‌ ලෙස ඝාතනය වූ ලුණුවිල රෝහලේ දන්ත ශල්‍ය විශේෂඥ වෛද්‍යවරිය හා ඇගේ සැමියා


දොළොස්‌ හැවිරිදි 
දියණිය සහ දස හැවිරිදි 
පුත්‍රයාත් ඒ අතර
 
ලුණුවිල රෝහලේ දන්ත ශල්‍ය විශේෂඥ වෛද්‍යවරිය, ඇගේ සැමියා, දොළොස්‌ හැවිරිදි දියණිය සහ දස හැවිරිදි පුත්‍රයා කිසියම් අයුරකින් අභිරහස්‌ ලෙස ඝාතනය කර ඔවුන්ගේ නිවස අසල මට්‌ටා වළේ ගිල්වා ඇති පුවතක් වෙන්න ප්පුව නයිනමඩම ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා. සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ වෛද්‍යවරිය, ඇගේ සැමියා සහ දරු දෙදෙනාගේ දැත් දෙපා ගැට ගසා සිරුරේ ගල්බැඳ මට්‌ටා වළේ ගිල්වන්නට ඇති බවයි.

දොළොස්‌ හැවිරිදි දියණියගේ සිරුර ඇඳ ඇතිරිල්ලකින් ඔතා තිබූ බවද පොලිසිය පවසනවා. පරීක්‍ෂණවලින් හෙළිවී ඇති අන්දමට මෙම සිව් දෙනා ඝාතනය කර ඇත්තේ පෙරේදා (31 දා) රාත්‍රි 7.00 ට පමණය. එදින රාත්‍රී ආහාරය සඳහා සකස්‌ කර තිබූ ඉඳිආප්ප සහ ව්‍යංජනද නිවසේ මේසය මත තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

කතෝලිකයන් වන මෙම වෛද්‍යවරිය ඇතුළු පවුලේ අය එදින පල්ලියේ පැවැති දේව මෙහෙයට ගොස්‌ නිවසට පැමිණ ඇති අතර ඒ අවස්‌ථාවේදී

ඔවුන් ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

පුවත්පතක පළ කර තිබූ දැන්වීමකට අනුව නිවසේ මෙහෙකාර සේවයට පුද්ගලයකු ගෙන්වාගෙන තිබූ අතර මෙම අභිරහස්‌ ඝාතන සිද්ධියෙන් පසු එම පුද්ගලයා අතුරුදන්ව ඇති බවද පොලිසිය පවසයි. 


මෙසේ ඝාතනයට ලක්‌වූ දන්ත වෛද්‍යවරිය 31 දා දහවල් ලුණුවිල රෝහලෙන් පිටවී ඇත්තේ පසුදින (01 වැනිදා) පෙරවරුවේ රෝහලේ සූදානම් කර ඇති අලුත් අවුරුදු තේ පැන් සංග්‍රහයට කේක්‌ ගෙන එන බවට පොරොන්දු වෙමිනි. 

එහෙත් ඊයේ පෙරවරුවේ ඇය සේවයට වාර්තා නොකිරීම නිසා රෝහල් කාර්ය මණ්‌ඩල පිරිසක්‌ නයිනමඩමේ පිහිටි ඇගේ නිවසට ගොස්‌ ඇත. අක්‌කර පහක පමණ විශාල ඉඩමක පාළු ප්‍රදේශයක පිහිටි නිවසේ වෛද්‍යවරිය සහ පවුලේ අය පදිංචිව සිට ඇත. 

රෝහල් කාර්ය මණ්‌ඩල නිලධාරීන් නිවසට යන විටත් එහි දොර ජනෙල් ඇර විදුලි පහන් පවා දැල්වෙමින් තිබී ඇත. නිවසේ කිසිවකු නැති බව දැනගත් කාර්ය මණ්‌ඩලය මේ පිළිබඳ වෙන්නප්පුව පොලිසියට දැනුම්දී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ වෙන්නප්පුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක වසන්ත කුමාර මහතා ඇතුළු පිරිසක්‌ ගොස්‌ නිවස පරික්‍ෂා කර ඇත.

වෛද්‍යවරිය හා පවුලේ සාමාජිකයන් පිළිබඳ හෝඩුවාවක්‌ සොයාගත නොහැකිවූ නිසා පොලිස්‌ නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව වත්ත පරික්‍ෂා කරද්දී නිවස අසල තිබූ මට්‌ටා වළේ සැක කටයුතු යමක්‌ දැක ඇත. පසුව ප්‍රදේශවාසීන් කිහිප දෙනෙක්‌ මට්‌ටා වළට ගිල්වා පරික්‍ෂා කරද්දී වෛද්‍යවරිය, සැමියා හා දරු දෙදෙනාගේ සිරුරු මට්‌ටා වළ තුළ තිබී සොයාගෙන ඇත. 


වෛද්‍යවරියගේ සැමියා කොහු කම්හලක්‌ පවත්වාගෙන යන අතර ඊට අවශ්‍ය පොල් ලෙලි ලබා ගෙන ඇත්තේ මෙම මට්‌ටා වළෙනි. මෙම ඝාතනයට නිවසේ මුරකරු සම්බන්ධ ඇතැයි සැකකරයි. විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් තුනක්‌ මේ පිළිබඳ පරික්‍ෂණ පවත්වති.

 
 
Related Posts with Thumbnails