Ads 468x60px

.

මහළු පෙම්වතාගේ පිහිපහරින් අනියම් පෙම්වතිය මරුට

වසර පහළොකට ආසන්න කාලයක් අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය හතළිස් දෙහැවිරිදි කන්තාවක් සිය හැත්තෑහය හැවිරිදි අනියම් පෙම්වතා විසින් මරාදැමීමේ පුවතක් මීගමුව පොලිසියෙන් වාර්තා වේ.


සැකකරු මෙ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර, සැලසුම් සහගතව අනියම් පෙම්වතිය මීගමුවට කැඳවා ගෙනවිත් මීගමුව කඩොල් කැලේ ප‍්‍රදේශයේ සුපිරි වෙළෙඳසලක් ආසන්න ජනශූන්‍ය ප‍්‍රදේශයකදී පිහියකින් ඇන මෙම ඝාතනය සිදුකර තිබේ.

කොච්චිකඬේ පදිංචිව සිටි කඩුපිටියේ චන්ද්‍රා ගුණවතී නමැති සිව්දරු මවක් මෙසේ ඝාතනයට ලක්ව ඇත.
සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු ගනේමුල්ල බොල්ලත පදිංචි බෝපේ ආරච්චිගේ දොන් ප‍්‍රැන්සිස් නිකුලස් නමැති දෙදරු පියෙකි.

සැකකරු සිය බිරිඳ අත්හැර මියගිය කාන්තාව සමග වසර 15 කට ආසන්න කාලයක් නේවාසිකාගාරයක නැවතී අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇතැයි පොලිසිය කළ මූලික පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.

මියගිය කාන්තාව කාන්තාව ජා-ඇල ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන අතර පසුගිය 07 වැනිදා රාත‍්‍රි සේවය නිමවී ඇය දැන් පදිංචිව සිටින කොච්චිකඬේ ප‍්‍රදේශයේ සිය දියණියගේ නිවසට යාමට සූදානම්ව සිටියදී සැකකරු විසින් ඇය යතුරු පැදියක නංවාගෙන ගොස් මෙම අනතුර සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කළේය.

සැකකරු අනියම් බිරිඳව මැරීම සඳහා රුපියල් 500ක් ගෙවා පිහියක් ජා-ඇල ප‍්‍රදේශයෙන් මිලදී ගෙන තිබේ.

මෙම කාන්තාවට සැකකරු විසින් සිව්වරක් පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකර පළායමින් සිටියදී සංචාරක මුර සේවයේ යෙදී සිටි උප පොලිස් පරීක්‍ෂක පරීක්ෂක සුභාෂ් ප‍්‍රියදර්ශන මහතා ප‍්‍රමුඛ පොලිස් නිලධාරීන් පිරිසක් යතුරු පැදිය සමග සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.
 
Related Posts with Thumbnails