Ads 468x60px

.

ජර්මනියේ ගණිකාවන්ට ටැක්ස් මැෂිමක්

වීදීවල සිටින ගණිකාවන්ගෙන් ආදායම් බදු අය කර ගැනීමට ජර්මනියේ බොන් නගරය පියවර ගෙන තිබේ. මේ සඳහා සීමන්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද ස්වයංකී‍්‍රය යන්ත‍්‍ර බොන් නගරයේ සවි කර ඇති අතර, මේවා වාහන නැවැත්වීමේදී යොදාගන්නා පාකින් මීටර් (Parking Meters) යන්ත‍්‍රවලට සමාන බව විදෙස් වාර්තා සඳහන් කරයි.


වීදී ගණිකා වෘත්තියේ නියැලින්නියන් හට එක් රැයක් සඳහා යුරෝ 06ක මුදලක් (ඇමෙරිකානු ඩොලර් 8.70ක්) මෙම යන්ත‍්‍රවලට ඇතුළත් කර රිසිට් පතක් ලබාගත යුතු වේ.

පොලිසිය විසින් පරීක්‍ෂා කරන අවස්ථාවකදී ඔවුන් අත මෙම රිසිට්පත නොතිබුහොත් දඩමුදලක් ගෙවීමට සිදුවේ.ජර්මනියේ ගණිකා වෘත්තිය නීතියෙන් තහනම් නොවන අතර, ඒ සඳහා ආදායම් බදු අයකරගනු ලැබේ.ගණිකා නිවාසවල කටයුතු කරන්නන්ගෙන් ආදායම් බදු අයකරගැනීම පහසු වුවද, වීදිවල ගණිකා වෘත්තියේ නියැලෙන්නන්ගෙන් ආදායම් බදු අයකරගැනීමේදී ජර්මන් බලධාරීන් හට ගැටළුකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුවූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.
 
Related Posts with Thumbnails