Ads 468x60px

.

සුළං බලයෙන් ධාවනය වන මෝටර් රථයක් හැදු තරුණයෙක්

සුළං බලයෙන් ධාවනය වන මෝටර් රථයක් නිපදවීමට 25 හැවරිදි නිලංග සෙනෙවිරත්න ඈපා තරුණයා සමත්වී තිබෙනවා.

තර්ස්ටන් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන ඔහු පසු කාලයේ උසස් අධ්‍යාපනය හදාරා ඇත්තේ මැලේසියාවේ "ස්වින්බර්න්" විශ්වවිද්‍යාලයෙනි.



2007 වසරේ ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ හොඳම රොබෝ නිර්මාණය සිදු කර ඇත්තේද ඔහු විසිනි.

කුඩා කල පටන් වාහන සැලසුම් කිරීමට සිහිනි දුටු ඔහු විශ්ව විද්‍යාලයෙන් පිටවූ පසු වසර හතරක කාලයකින් පසුව එය යතාර්ථයක් බවට පත් කරගන්නේ සුළං බලයෙන් ධාවනය වන මෝටර් රථයක් නිපදවීම මගිනි.

මෙහි විශේෂත්වය වන්නේ බැටරි 8 ක වොට් 48 ක ධාරිතාවෙන් මෙය පන ගැන්වෙන අතර විදුලි පහන් දැල්වීමට වොට් 12 ක වෙනම බැටරියක් යොදා තිබීමයි.


මෙම බැට්රි චාර්ජ් කිරීමට අවශ්‍යය විදුලිය ලබා ගන්නේ සුලන්ගේ බලයෙනි.මෙම පිරිමැසුම් දැයි ක්‍රමය නිසා කිලෝමීටරයක් ධාවනය කිරීමට වැය වන්නේ රුපියල් 2 ක් පමණි.පැයට කිලෝ මීටර් 60 ක වේගයෙන් ධාවනය කල හැකි මෙම රථයෙන් කිසිදු ශබ්දයක් නැගෙන්නේද නැහැ.


මේ වනවිට ඔහුගේ නිර්මාණය රටවල් 18 කින් ඉල්ලුම් කල හැකි අතර රජයෙන් ආධාර නොලැබුනොත් ජර්මනිය සමග එක්වී මෙම වාහන නිපදන බව ඔහු පවසනවා.මෙම මෝටර් රථය නිර්මාණයට ලක්ෂ 30කට අධික මුදලක් වැය වුවත් ඉදිරියේදී එය රුපියල් ලක්ෂ 6 පමණ මුදලකට ලැබීමට කටයුතු කරන බව නිලංග ප්‍රකාශ කර සිටිනවා.
 
Related Posts with Thumbnails