Ads 468x60px

.

"තාරුණ්‍යය පරිස්සමෙන් පරිහරණය කරමු" සඳහා කෙල්ලන්ම පස්දෙනෙක්

ඔවුන්ගේ ඇඳුම් විලාසිතා සරාගී වැඩිලු...

ජනප‍්‍රිය නළු අර්ජුන් කමලනාත් ගේ කුලූඳුල් සිනමා අධ්‍යක්ෂණය ‘ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ’ චිත‍්‍රපටය ළඟදීම තිරගත වීමට නියමිත බව වාර්තා වේ.



තාරුණ්‍යය සඳහා පිදෙන මෙම චිත‍්‍රපටයේ පණිවුඩය ‘තාරුණ්‍යය පරිස්සමෙන් පරිහරණය කරමු’ යන්න බව පැවසේ.කෙසේවුවද මේ සඳහා කෙල්ලන් පස්දෙනෙකුම යොදා ගැනීම සම්බන්ධයෙන් ක්ෂේත‍්‍රයේ කසු කුසුවක් ඇතැයි ද වාර්තා වේ.


අමීෂා කාවින්දි, සප්නා කරීම්, රශ්මි පුෂ්පිකා, මේරියන් එලිසබෙත් හා නිමේෂා සෙව්වන්දි යන යොවුන් නිළියන් පස්දෙනාටම මෙම චිත‍්‍රපටයේ රගපාති.

කෙසේවුවද ඔවුන්ගේ ඇඳුම් විලාසිතාද සරාගී ඒවා බව පැවසේ.
අර්ජුන, මෙහි පූර්ව ප‍්‍රචාර සඳහාද මෙම යොවුන් නිළියන්ගේ සරාගී ඡුායාරූප යොදා ගැනීමට සැලැසුම් කර ඇතැයි ද මේ අතර වාර්තා වේ.
මෙහි කතාව, දෙබස්, තිරරචනය හා අධ්‍යක්ෂණය ද අර්ජුන් කමලනාත් ගෙන් වන අතර මේ සඳහා නිෂ්පාදන දායකත්වය සපයන්නේ ඉසුරු ෆිල්ම්ස් වෙතිනි.

රංගනයෙන්ද මේ සඳහා අර්ජුන් කමලනාත් දායක වන අතර ඊට අමතරව චාමි සේනානායක, සුරංජිත් ඩයස්, චන්න චානක, ඩික්සන් ජෙරාඞ්, සුදත් විජේසේකර, සම්පත් දිනූෂ ආදී නළු නිළියෝ එක්ව සිටිති.

සජිත වීරප්පෙරුමගේ විසින් මෙහි කැමරාව මෙහෙයවා ඇති අතර චිත‍්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂවරයා ලෙස කේෂාන් පෙරේරා ද ගායනයෙන් අයෝමි පෙරේරා ද ගී පද රචනයෙන් චන්දුප ප‍්‍රන්නාදු ද දායක වෙති.








 
Related Posts with Thumbnails