Ads 468x60px

.

දියණියට අතවර කළැයි නඩු දැමු අම්මා පැමිණිල්ල ඉල්ලා අස්‌කර ගනී!

දැන් අපි තුන්දෙනා හොඳට ජීවත් වෙනවා... 
පවුලේ යහපත වෙනුවෙන් නඩුව සමථයකට පත්කර දෙන්න...

ශ්‍රී ලංකාවේ වාසය කළ බ්‍රිතාන්‍ය ජාතිකයකුට එරෙහිව බාල වයස්‌කාර දැරියකට ලිංගික අපචාර සිදු කිරීමක්‌ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයා සියලු චෝදනාවන්ගෙන් නිදහස්‌ කිරීමට නියෝග කරන ලදී.මෙසේ නිදහස්‌ වූයේ මහනුවර පදිංචිව සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.


මහනුවර පදිංචි 33 හැවිරිදි කාන්තාවක සමඟ මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා විවාහ වී සිටි අතර, 2002 අගෝස්‌තු පළමු දිනත් 2003 අප්‍රේල් පළමු වැනි දිනත් අතර කාලයේ අවස්‌ථා කීපයකදී ඔවුන්ගේ දියණිය වූ හත්හැවිරිදි දැරියට මෙම පියා ලිංගික අතවර සිදුකර ඇති බව සඳහන් කරමින් දැරියගේ මව මහනුවර පොලිසියට පැමිණිලිකර තිබිණි. 


අනතුරුව වසර 10 ක්‌ තිස්‌සේ මහනුවර මහාධිකරණයේ මෙම නඩුව වරින් වර ඉදිරිපත් වූ අතරතුර දැරියගේ මව විසින් අධිකරණයට ලිඛිතව කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ පවුලේ යහපත වෙනුවෙන් මෙම නඩුව සමථයකට පත්කර ගැනීමට අවශ්‍ය බවයි. 


මේ වන විට චූදිත සමග තමා සහ දියණිය සමඟියෙන් සිටින බවත්, තමන් හා දියණිය චූදිත විසින් රැකබලා ගනු ලබන බවත්, ඒ නිසාම මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යැම අනවශ්‍ය බවත් දැරියගේ මව වන පැමිණිලිකාරිය නීතිපතිවරයාටද දන්වා තිබිණි. 

එක්‌ වරෙක පැමිණිලිකාර මව මහාධිකරණයටද පැමිණ පවුලේ යහපත සඳහා නඩුව තවදුරටත් පවත්වාගෙන යැම අනවශ්‍ය බවට අයෑද සිටියාය. ඉදිරිපත් කළ කරුණු ද සැලකිල්ලට ගත් විනිසුරුවරයා චූදිත සියලු චෝදනාවන්ගෙන් නිදහස්‌ කිරීමට නියෝග කළේය.
 
Related Posts with Thumbnails