Ads 468x60px

.

CCTV ජංගම මුර රථය මගින් අමාත්‍යවරුන්ගේ මෙවන් ක්‍රීයාත් හසුවෙවිද?

කැමරා මගින් හසු නොවන ප්‍රදේශ මෙයින් ආවරණය කෙරේ...

කොළඹ නගරය පුරා සැරිසැරීමට CCTV කැමරා සවිකරන ලද ජංගම පොලිස් රථයක් යෙදවීමට තීරණය කර ඇති හෙයින් ඊයේ(17) දිනයේදී එම රථය උත්සවාකාරයෙන් කටයුතු ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව ඉදිරියේදී දැනට ආරක්‍ෂිත කැමරා මගින් හසු නොවන ප්‍රදේශ, හදිසි ආපදා, කලහකාරී ලෙස හැසිරෙන පිරිස්, මාර්ග නීති කඩ කරන රියදුරන්ගේ දර්ශන පටිගතකොට අධිකරණයට ලබාදීමේ හැකියාවක් මෙම නවීන තාක්ෂණික පහසුකම් සපිරි රථයට හැකියාව තිබෙනවා.



ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන CCTV ව්‍යාපෘතියට දැනට වැය වී ඇති මුදල රුපියල් මිලියන 227 කි.

අප කලින් සඳහන් කල පරිදි මෙම රථයේ ඇති කැමරාවන් මගින් කිලෝමීටරයක් පමණ දුර නිරීක්ෂණය කල හැකි අතර මීටර් 150 ක දුර සිටින වාහනයක අංක තහඩු හදුනාගැනීමට හැකිය.
මෙවන් ජංගම CCTV රථ දෙකක් ඉදිරියේදී ගෙන්වීමට නියමිත බවද වාර්තා වේ.





 
Related Posts with Thumbnails