Ads 468x60px

.

කකුල් හයක පිරිමි දරුවෙක්

විදෙස් වෛද්‍යවරුන්ගේද සහාය ඇතිව බිළිඳා සැත්කමකට...

පකිස්තානයේ රෝහලකදී කතක් විසින් පාද හයක් සහිත පිරිමි දරුවකු ප‍්‍රසූතකර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වේ.

මෙම දරුවා ප‍්‍රසූතකර ඇත්තේ එක්ස්රේ තාක්ෂණ ශිල්පියෙකුගේ බිරිඳක විසිනි.මෙවැනි දරු උපත් සිදුවන්නේ මිලියනයකට එකක් පමණක් බව කරච්චි ජාතික ළමා සෞඛ්‍ය ආයතනයේ වෛද්‍ය ජමල් රාසා මාධයට පවසා  තිබේ.


එමෙන්ම දරුවන් දෙදෙනෙකු පිළිසිඳ ගත් අවස්ථාවක එක් දරුවකු මිය යාමෙන් පසුව මෙවැනි උපත් සිදුවිය හැකි බවද වෛද්‍යවරයා සඳහන්කර ඇත.

මේ වනවිට විදෙස් වෛද්‍යවරුන්ගේද සහාය ඇතිව බිළිඳා සැත්කමකට භාජනය කිරීමට සැලසුම් කර ඇතැයිද බිළිඳා ජීවත් කරවීම සඳහා ගත හැකි සියලූ කි‍්‍රයාමාර්ග ගන්නා බවද පකිස්තාන සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර තිබේ.

මාධ්‍ය වෙත අදහස් දැක්වූ බිළිඳාගේ පියා වන ඉම්රාන් ෂායික් පවසන්නේ අපි ගොඩාක් දුප්පත් මිනිස්සු අපේ දරුවා සඳහා ප‍්‍රතිකාර ලබාදීම සම්බන්දව රජයට ස්තූතිවන්ත වන බවයි.

දස ලක්‍ෂයකින් එකක් වශයෙන් සිදුවන ඉතා විරල දරු උපතකින් පාද හයක් සහිත සතියක බිළිඳකුගේ ජීවිතය බේරා ගැනීමට පාකිස්තාන වෛද්‍යවරු සැරැුසෙති. පියා සහ මව නෑනා මස්සිනා බව කියති. දරුවා බිහිවූයේ සීසර් සැත්කමකිනි. නිවුන් දරුවන් වශයෙන් කලලය හටගෙන අනෙක් දරුවා නැතිවී ගිය පසු පා හයේ දරුවා උපදින්නට ඇතැයි වෛද්‍යවරු කියති.

දරුවාගේ පියා ඉම්රාන් ෂයික් මාසයකට ඩොලර් 66ක් (රුපියල් 8200* පමණ උපයයි. කරච්චි නුවරදී සැත්කමට වැයවන මුදල් සොයා ගත නොහැකි බව පැවැසීමත් සමග සීසද් ප‍්‍රාන්ත ආණ්ඩුකාරවරයා නිලධාරය
න්ට දැන්වූයේ ඔහුට උදව් කරන ලෙසයි.

එතෙර වෛද්‍ය උපදෙස් ද ලබා සාර්ථක ලෙස සැත්කම කළ හැකි බව පාකිස්ථා
වෛද්‍යවරු කියති



 
Related Posts with Thumbnails