Ads 468x60px

.

අවුරුදු 16 හා 18 වයසේ පාසල් ළමුන් විදේශීය ගණිකාවන්ගේ ග්‍රහණයට

චීනය, රුසියාව, තායිලන්තය, යුක්රේනය, උස්බෙකිස්තානය ඇතුළු බොහෝ රටවලින් සංචාරක හා වෙනත් විසා මත පැමිණෙන කාන්තාවන් රාත්‍රී කාලයේදී ගණිකාවන් බවට පත්වෙයි.  

මෙරටට පැමිණෙන බොහෝ විදෙස් කාන්තාවන් පැමිණෙන්නේ නිත්‍යානුකුල නොවන ව්‍යපාර සිදුකිරීමට බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ඔවුන් දිවා කාලයේ චීන අවන්හල් වල,සම්බාහන මධ්‍යස්ථාන වල සේවය කරන අතර රාත්‍රී කාල වලදී කැසිනෝහල් වල රාත්‍රී සමාජ වල දහස් ගණන් වලට ඔවුන් අලෙවි වෙති.පසුගියදා සිදු කල සමීක්ෂණයකදී හෙළි වුයේ කොළොඹ නගරයේ පමණක් සිටින දේශීය විදේශීය ගණිකාවන්ගේ සංඛ්‍යාව 8000 ක් බවයි.

මෙම විදේශීය ගණිකාවන් බොහෝවිට සැරිසරන්නේ කොල්ලුපිටිය, බම්බලපිටිය, බෞද්ධාලෝක මාවත, බොරැල්ල ආදී පෙදෙස් වලය. මොවුන්ගේ වඩාත් අධික මිලක් ය කරන්නේ රුසියානු කාන්තාවන්ය. පැය කිහිපයකට ඔවුන් ය කරන මුදල රුපියල් 10,000 කි. යුක්රේනයේ හා උස්බෙක්ස්තානයේ ගණිකාවන් පිලිවෙලින් ය කරන ගණන් වනුයේ රුපියල් 7000, හා 5000 කි.

ලංකාවේ වෙසෙන ගණිකාවන්ගේ හා විදේශීය ගණිකාවන්ගේ ඇති ප්‍රධාන වෙනස වන්නේ විදේශීය ගණිකාවන් "කෝල් ගර්ල්" පහසුකම සැපයීමයි.ඒ අනුව දුරකථන ඇමතුමක් දුන් සැනින් එම දුරකථන ඇමතුම දුන් තැනැත්තාගේ ලිපිනයට ගොස් ඔහුව සන්තර්පණය කිරීමට ඔවුන් පැහැදී සිටිති.

මෙම ක්‍රමයේදී පොලිසියට මැදිහත්වීමට ඇති හැකියාවද අඩුය.ඒ අනුව දේශපාලකයන්, ව්‍යාපාරිකයන් තමන් මිලදී ගෙන ඇති පෞද්ගලික නිවෙස් වලට මොවුන් කැඳවාගෙන එන්නේ එය ආරක්‍ෂිත ක්‍රමවේදයක් හේතුවෙනි.


පසුගියදා පොලිසිය කොළොඹ 7 ප්‍රදේශයේ සිදුකල වැටලීමකින් අවුරුදු
16 හා 18 අතර පසුවන පාසල් ළමුන් විදේශීය ගණිකාවන්ගේ පහස ලබන අතරතුරේදී සොයාගෙන ඇත.

 
Related Posts with Thumbnails