Ads 468x60px

.

ඡන්ද පොළකදී රුසියානු කාන්තාවෝ නිරුවත් වෙති (පින්තුර)

රුසියාවේ පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීම හමාර කරමින් එය ගණන් කිරීම ඇරඹි මොහොතේ ඡන්ද පොළවල්වල කඩාකප්පල් කාරි ක‍්‍රියා කීපයක්ම සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අතර එක් ඡන්ද පොළකදී කාන්තාවන් පිරිසක් එහි කඩා වැදී හදිසියේම තම උඩුකය නිර්වස්ත‍්‍ර කරමින් ප‍්‍රකෝපකාරි ලෙස හැසිරුනු බවද සඳහන්ය.


ඡන්ද පොලට බලෙන් ඇතුල් වී ඇති මෙම පිරිස හදිසියේම උඩුකය ඇදුම උනා දමමින් ඡන්ද පෙටිටි වලට අතදමමින් කලබල ඇති කර ඇති අතර ඔවුන් නිරුවත් උඩුකයේ පූටීන් විරෝදී සටන් පාඨ ලියා තිබූ අතර ඒ අනුව සටන් පාඨ කියමින් එම ස්ථානවල කටයුතු කඩා කප්පල් කිරීමට උත්සහ ගත් බවටද වාර්තා වේ. 

විනාඩි 20 ක් පමණ මෙම තත්වය පැවති අතර ඉලෙක්ට්‍රොනික ඡන්ද පෙටිටි එම සිදුවීම් මුවාවෙන් සොරකම් කිරිමට ඔවුන් තැත් කර ඇති බවත් පෙවා දෙන එරට බලධාරීන් එ් හරහා ඡන්ද පෙට්ටි පැහැර ගැනීමකින් ඡන්දය අත්හිටුවීමට ඔවුන් උත්සහ ගත් බවත් පෙන්වා දෙයි.

එරට අධිකරණ තීන්දුව අනුව ඔවුන් තම ලිංගිකත්වය ඉස්මතු වන ආකාරයේ සිදුවීම් හරහා අයුතු ප‍්‍රයෝජන ගැනීමට තැත් කර ඇති බවත් ඒ අනුව දින 12 ක උපරිමයකට යටත් පාලනය සහිත හිර භාරයේ රැදවීමටද කටයුතු යොදා ඇත.



 
Related Posts with Thumbnails