Ads 468x60px

.

අධිවේගයට බිලිවූ තවත් ජීවිතයක්


දක්ෂිණ අධිවේගි මාර්ගයේ දෙවැනි මාරක රිය අනතුර අද වාර්තා විය.පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ පැවසුවේ අද පස්වරු 1ට පමණ ගාල්ලේ සිට පැමිණි ට්‍රක් රථයක් කහතුඩුවේදි පෙරළියාමෙන් අනතුර සිදුව ඇති බවය.අනතුරින් එහි ගමන් ගත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෘත ශරීරය හොරණ රෝහලේ තැන්පත් කර තිබේ.
ලොරිය පිටුපස ගමන්ගත් පුද්ගලයෙකු අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ‍අනෙක් තිදෙනා රෝහල්ගත කර ඇත. 



ගැලනිගම පොලිස් මුරපොලට අයත් අධිවේගී මාර්ග කොටසේදී  අනතුරට පත් රථයේ රෝදයක සුළං බැසීම හේතුවෙන් ලොරි රථය පෙරලී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.වයස අවුදුරු 55ක පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර කහතුඩුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ පළමු මාරක රිය අනතුර සිදු වූයේ පසුගිය පෙබරවාරි මස 03වෙනිදාය. එම අනතුරින් දෙහිවල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්විය.









මීට පෙර ද මෝටර් රථයක් පෙරළියාමෙන් ගල්කිස්ස ප්‍රදේශයේ තරුණයෙකු ජීවිතක්ෂයට පත්විය.එම අනතුර පසුගිය පෙබරවාරි 03වෙනිදා සිදුවිය.


 
Related Posts with Thumbnails