Ads 468x60px

.

අනියම් සැමියා සමග ජීවත්වන්නට පමණක් දේව ආශිර්වාද ලැබී ඇති කාන්තාවක්

වසර දහ අටක විවාහ දිවියක් ගත කළ තමාට හදිසියේ ඇතිවූ දේව බලපෑමක් හේතුවෙන් සිය නීත්‍යානුකූල සැමියා සමග ජීවත්වීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවත් ඒ වෙනුවට තමාට අනියම් සැමියා සමග ජීවත්වීමට දේව බලපෑමෙන් ආශිර්වාද ලැබී ඇති බවත් මහවෙල කරඳගොල්ල ප්‍රදේශයේ සිව් දරු මවක පවුල් ආරවුල් පැමිණිල්ලක් විභාග කිරීමේදී මහවෙල පොලිසිය හමුවේ පවසා ඇත. 


සිද්ධියට සම්බන්ධ මව හා ඇගේ සැමියා මහවෙල පොලිසිය වෙත කැඳවා මෙම සිද්ධිය විභාග කිරීමේදී මෙම අපූරු කරුණු පොලිසිය හමුවේ පවසා තිබේ.

වයස 17, 14, 11 වයස්වල පිරිමි ළමයින් තිදෙනකු හා සය හැවිරිදි දැරියක සිටින තිස් පස් හැවිරිදි මවක එම ප්‍රදේශයේම තිස් හැවිරිදි තරුණයකු සමග අනියම් සබඳතාවක් පවත්වන බවට ඇගේ සැමියා මහවෙල පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත මෙම සිද්ධිය විභාග කෙරිණි. 

හදිසියේ ඇතිවූ දේව බලපෑම මත මේ වන විට තමා සමග එකට ජීවත් විය හැක්කේ අනියම් සැමියාට පමණක් බැවින් ඔහු සමග යාමට මෙම කාන්තාව දිගින් දිගටම පොලිසියෙන් අවසර ඉල්ලා සිටියාය.

සිද්ධිය පිළිබඳ කරුණු අවබෝධ කැර ගත් මහවෙල පොලිසිය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතා කාන්තාවට මෙන්ම දෙපාර්ශවයටම සාමයෙන් එක්ව ජීවත්වන ලෙස අවවාද කළේය.

එහෙත් එය ගණනකට නොගත් කාන්තාව දිගින් දිගටම කියා ඇත්තේ තමාට අනියම් සැමියා සමග ජීවත්වන්නට පමණක් දේව ආශිර්වාද ලැබී ඇති බවය. එහිදී තදින්ම කාන්තාවට අවවාද කළ ස්ථානාධිපතිවරයා එවැනි ආශිර්වාද බලපෑම් දෙවියන්ට කළ නොහැකියැයි ද එනිසා කාන්තාවට ආරූඪවී ඇත්තේ යක්ෂ, ප්‍රේත, කුම්භාණ්ඩාදීන් විය හැකි යැයි ද පවසා දිගින් දිගටම යළි තදින්ම අවවාද කර ඇත. 

ඉන්පසු නිත්‍යානුකූල සැමියා සමග ජීවත්වීමට එම කාන්තාව කැමැත්ත පළ කැර දෙදෙනා එක්ව ගොස් ඇත.
 
Related Posts with Thumbnails