Ads 468x60px

.

දුමින්දගේ වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා රු: බිලියන 2කට අධික මුදලක් වැයවෙලා


භාරත ලක්ෂමන්ගේ ආරක්ෂකයෙකු විසින් තබන ලද වෙඩි පහරකින් තුවාල ලබා දැනට සිංගප්පූරුවේ ‘මව්න්ට් එලිසබෙත්’ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා ගේ වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා මේ වනවිට රුපියල් බිලියන 2කට අධික මුදලක් වැයවී ඇති බව ඔහුගේ සොයුරා මේ දිනවල සෑම තැනම කියකියා ඇවිදින බව වාර්තා වේ.



පසුගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මස 8 වනදින සිට මේ දක්වා තමාගේ සොයුරු ‘දුමින්ද’ ගේ වෛද්‍ය ප‍්‍රතිකාර වෙනුවෙන් තමා මේ වනවිට රුපියල් බිලියන 2කට අධික මුදලක් වැය කොට ඇති බවත්, සිංගප්පූරුවේ ‘මව්න්ට් එලිසබෙත්’ රෝහලේ දිනකට සිංගප්පූරු ඩොලර් 11,000ක් තමා වැය කරන බව ‘හිරු’ මාධ්‍යජාලයේ ප‍්‍රධානී රේනර් සිල්වා පවසමින් සිටි.


වාර්තාවන ආකාරයට ‘දුමින්ද’ මේ වනවිට 90% කට වඩා සුවපත් වී ඇති නමුදු ඉදිරි කාලය තුළ ශ‍්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු නොවන්නේ ඔහුව අත්අඩංගුවට ගැනීමට ඇති අවධානම නිසාය. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වනවිට දිවා ? නොබලා වෙහෙසවී ක‍්‍රියාකරන්නේ ‘දුමින්ද’ මහතා චෝදනාවකින් තොරව නිදහස් කරගැනීමටය.


සුප‍්‍රසිද්ධ කැසිනෝකරුවෙකු වන නලීන් ෆොන්සේකා, තමාගේ රෝගී තත්ත්වය පිලිබදව විවිධ කටකතා පතුරුවන බවට ‘දුමින්ද’ට ආරංචි වී ඇති අතර ඔහු ජයික් හිල්ටන් හෝටලයේ සිටින මිතුරෙකුට දුරකථනයෙන් කතාකොට වහාම නලීන් ෆොන්සේකාගේ එපාර්ට්මන්ට් එක වෙත ගොස් ඔහුට තමා ලංකාවට පැමිණ පැය 24 ක් ඇතුලත මිනී පෙට්ටියක් සූදානම් කරගන්නා ලෙසට තර්ජනය කොට ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
 
Related Posts with Thumbnails