Ads 468x60px

.

හිමාලිගේ මේ කට කතා ඇත්තද

ඉකුත් සුමති ටෙලි සම්මාන උළෙලේ හොඳම නිළිය බවට පත් හිමාලි සයුරංගි පසුගියදා විවාහ වූ බව මේ වන විට ප‍්‍රසිද්ධ රහසකි.හිමාලි විවාහ වූයේ ‘ඇඩ්ලෑන්ඩ් ඇඩ්වර්ටයිසින් ඒජන්සියේ’ අයිතිකරු සමග බවද දැන් රහසක් නොවේ.කෙසේවුවද හිමාලිගේ අතගත් අසංග ජයලත්  විවාහකයකු බව දන්නේ කිහිපදෙනෙකු පමණි.


ඔහුගේ පෙර විවාහයේ දරුවකු ද සිටින බව පැවසේ.එසේම හිමාලි හා අසංග හාදවූයේ එස්.එම්.එස්. කෙටි පණිවුඩයක් ඔස්සේ බවත්, ඔවුන්ගේ පෙම් පලහිලව්ව සිවු වසරකට වඩා වියපත් බවත් හිමාලි පුවත්පතකට පවසා තබිණි.එය සැනසීමක් ඇති පේ‍්‍රමයක් බවත් ඇය පවසා තිබිණි.

අසංග මුලින්ම කලා ලෝකයට පැමිණියේ සිරස නාලිකාවේ වේෂ නිරූපණ ශිල්පියකු ලෙසය.නුගේගොඩ සරසවි පොත්හල ආසන්නයේ ඇති ඔහුගේ කාර්යාලය හවස් කාලයේ කලාකරුවන් ලගින තිප්පලක් බවත් මේ අතර වාර්තා වේ.

කෙසේවුවද පසුගිය කාලයේදී හිමාලි මීට දස වසරකට පෙර විවාහ වූ බවත්, එම විවාහය සිවුමසකට පමණක් සීමාවූ බවත් මාධ්‍යයේ පලවී තිබිණි.එසේම ඇය රවින්ද‍්‍ර මුණසිංහ, සනත් ගුණතිලක හා අමල් පෙරේරා වැනි ප‍්‍රසිද්ධ පුද්ගලයන්ගේ පෙම්වතිය බවට පත්ව සිටි බවටත් කට කතා පැතිරී තිබිණි.
 
Related Posts with Thumbnails