Ads 468x60px

.

හෙට විජයග‍්‍රහණයට කොළඹ පාරවල් වැහෙන්නේ මෙහෙමයි

උදැසන 05 සිට එම උත්සවය අවසන් වනතෙක්

හෙට (19) පැවැත්වෙන විජයග‍්‍රහනයේ පෙළපාලිය වෙනුවෙන් විශේෂ රථවාහන සැළැස්මක් ක‍්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

විජයග‍්‍රහණයට හෙට කොළඹ පාරවල් වැහෙන්නේ මෙහෙමයි  


ගාලූ පාර – ගාලූ පාර බගතලේ පාර හන්දියේ සිට ගාලූ මුවදොර වටරවුම දක්වා මුහුදුබඩ මාර්ගය – කොල්ලූපිටිය ග්ලේන් ආබර් පෙදෙසේ සිට 

කොල්ලූපිටිය දුම්රියපල හන්දිය දක්වා ධර්මපාල මාවත – කොල්ලූපිටිය හන්දියේ සිට ලිබර්ටි වට රවුම දක්වා ශ‍්‍රී උත්තරා නන්ද මාවත – නවම් මාවත හන්දියේ සිට මාකන් මාකර් මාවත හන්දිය දක්වා 

කොම්පඤ්ඤවීදිය – ජස්ටීස් අක්බාර් මාවත මැලේ විදිය හන්දිය සිට මාකන් මාකර් මාවත හන්දිය දක්වා කොටුව ප‍්‍රදේශය – ලෝටස් පාර යොර්ක් විදය හන්දිය සිට ගලධාරි වටරමුවම දක්වාද බැංකු මාවත යෝර්ක් විදිය ජනාධිපති මාවත දක්වා 

සහ ඩියුක් විදිය පහල චැතම් විදිය හන්දිය සිට බාරොන් ජයතිලක මාවත හන්දිය දක්වා මාර්ග වසා තැබේ.

ඒ වෙනුවට විකල්ප මාර්ග වශයෙන් කොටුව, පිටකොටුව සිට ගාලූ පාර දෙසට කොළඹින් පිට වන බස් හා සැහැල්ලූ වාහන සදහා :

සීනෝර් හන්දිය, ගුණසිංහ පුර හන්දිය, ටෙක්නිකල් හන්දියෙන් දකුණට හරවා මරදාන පාලම හන්දිය, ගාමිණි වටරවුම, ඩාලි පාර, ඉබ්බන්වල හන්දිය, ලිප්ටන් වටරවුම, ධර්මපාල මාවත හන්දියෙන් වමට හරවා 

එෆ්.ආර්  සේනානායක මාවත ඔස්සේ පැමිණ දකුණට හරවා ස’. ඩබ් .ඩබ්  කන්නංගර මවාත, හෝටර් වටරවුම, නන්දා මෝටර්ස් හන්දිය, කුරුදුවත්ත වටරවුම, රීඞ් මාවත, තුම්මුල්ල වටරවුම, බුලර්ස් පාර ඔස්සේ ඩුප්ලිකේෂන් බුලර්ස් හන්දියෙන් වමට හරවා ඩික්මන් පාරෙන් ගාලූ පාරට ඇතුළුවිය හැකිය.

ගාලූ පාර ඔස්සේ කොටුව, පිටකොටුව දෙසට පැමිණෙන බස් හා සැහැල්ලූ වාහන සදහා :
කොල්ලූපිටිය බගතලේ පාර හන්දියෙන් දකුණට හරවා ඩුප්ලිකේෂන් පාරෙන්, තුම්මුල්ල හන්දිය, තර්ස්ටන් පාර, න්‍ධක්‍ හන්දිය, කේම්බි‍්‍රජ් පෙදෙසින් දකුණට හරවා 

ඇල්ප‍්‍රඞ් චන්ද්‍රවංකය, නන්දා මෝටර්ස් හන්දිය, හෝර්ටන් වටරවුම, ස’. ඩබ්.ඩබ්. කන්නංගර මාවත, සොයිසා වටරවුම, ඞීන්ස් පාර, සීමන්ස් හන්දිය, මරදාන පාලම හන්දිය, මරදාන පාර, ටෙක්නිකල් හන්දියෙන් වමට හරවා  ඕල්කට් මවත ඔස්සේ පිටකොටුව දක්වා ඇතුළු විය හැකිය.

එමෙන්ම බර වාහන (කන්ටේනර්, ලොරි, ටිපර්) ගමනා ගමනය සදහා :
විකල්ප මාර්ග වශයෙන් ගාලූ පාරෙන් පැමිණෙන සහ පිටවන බර වාහන ගමනාගමනයට ඉඩදෙනු ලබන්නේ වැල්ලවත්ත ගාලූ පාර ඩබ්. ඒ  සිල්වා මවාත, හැව්ලොක් පාර, පර්ක් පාර, බේස්ලයින් පාර ඔස්සේ පැමිණ බම්බලපිටිය හන්දියේ සිට ගාලූ මුවදොර වටරවුම දක්වා 

ගාලූපාර, ධර්මපාල මවාත, ආර් ද මෙල් මාවත , මරදාන පාර, ඞීන්ස් පාර,  ඕල්කට් මාවත , යෝර්ක් විදිය, බාරොන් ජයතිලක මාවත , මැලේ විදිය, කුමාරන්රත්නම් පාර, මල්පාර, සර් ජේම්ස් පිරිස් මාවත , ජස්ටීස් අක්බාර් මාවත , යුනියන් පෙදෙස එස්සේ ගමන් කළ හැකි බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක මධ්‍යස්තානය පවසා සිටී.

 
 
Related Posts with Thumbnails