Ads 468x60px

.

රයිගම් ටෙලිස් සම්මාන උළෙලේ ජනපි‍්‍රයම නළුවා නොවීම නිසා මේනක උරණ වෙලා

නෙහාරා ඡායාරූප සඳහා පෙනී නොසිට ඇත්තේ මේනක ජනපි‍්‍රයම නළුවා නොවීම  නිසාලු...

රයිගම් ටෙලිස් සම්මාන උළෙලේ ජනපි‍්‍රයම නිළිය සම්මානය දිනාගත් නෙහාරා පීරිස් එම සම්මාන උළෙලේ ඡායාරූප සඳහා පෙනී නොසිට ගොස් ඇත්තේ ජනපි‍්‍රය නළු මේනක රාජපක්‍ෂ නිසා බව වාර්තා වේ.



මේනක එම සම්මාන උළෙලේ ජනපි‍්‍රයම නළුවා නොවීම නිසා උරණව ඇය එලෙස හැසිරී ඇතැයි පැවසේ.මේ අතර, මේනක සිටු මැදුර ටෙලියේ නිෂ්පාදන කළමනාකරු සමග ගැටුමක් ඇති කරගෙන ඇති අතර එය විසඳීමට නෙහාරා මැදිහත්වීම නිසාද අවුලක් ඇතිවී ඇතැයි ද වාර්තා වේ.

නිෂ්පාදන කළමනාකරුවන්ට මේනක වදකාරයෙක් බවට ද ක්ෂේත‍්‍රයේ කතා බහක් තිබේ.ඒ ඔහුට සියල්ල අතට පයට අවශ්‍ය කරන නිසා බව ද එසේම මේනක රූගත කිරීම් ස‍දහා පෙර සුදානම් නොවන කලා ශිල්පියෙක් නිසා බවද පැවසේ.

එවැනි තත්ත්වයක් හේතුවෙන් මේනක හා නිෂ්පාදන කළමනාකරු අතර මේ ගැටුම ඇතිවී තිබේ.කෙසේ වුද අවසානයේ නිෂ්පාදන කළමනාකරුට මේනක සිටින විට දර්ශන තලයට පැමිණීම සිටු මැදුර ටෙලියේ නිෂ්පාදකයා විසින් තහනම් කර ඇතැයි ද පැවසේ.

මේනක රාජපක්‍ෂ සිය පළමු විවාහයෙන් මේ වන විට දික්කසාදවී ඇති අතර, නෙහාරා සිය පළමු විවාහයෙන් දික්කසාදවීමට නඩු පවරා තිබේ.
 
Related Posts with Thumbnails