Ads 468x60px

.

මිතුරාගේ බිරිඳ නිදි අතරේ ඇයගේ මුහුණ සිපගෙන

බිරිඳහොරෙන් ඇගේ යහනට නැගලා...
බිරිඳ ස්‌වාමි පුරුෂයා යෑයි සිතුවත් පසුව සැකයක් ඇතිවෙලා...

වෙසක්‌ දිනවල නිවාඩු ලබාගෙන ගමට පැමිණි ආරක්‍ෂක අංශයේ සේවයේ නියුතු අයකු ඉකුත් දින සවස්‌ යාමයේ තම මිතුරකුගේ නිවසේ මිතුරන් සමග පැවැත්වූ මත්පැන් සාදයකින් පසු එම නිවසින් පිට වී ගොස්‌ සැඟවී සිට මිතුරා නින්දට වැටී ඇති අවස්‌ථාවේ නැවත එම නිවසට පැමිණ ඇත. 


එහිදී මිතුරාගේ බිරිඳද නින්දට වැටී තිබියදී එම නිවසේ ජනේලයකින් කල්යල් බලා නිවසට ඇතුළු වූ මෙම ආරක්‍ෂක නිලධාරියා මිතුරාගේ බිරිඳගේ යහනට නැග ඇයගේ මුහුණ සිපගෙන තිබේ.

තම ස්‌වාමි පුරුෂයා යෑයි ඇය සිතුවත් පසුව ඇතිවූ සැකයෙන් තම ස්‌වාමි පුරුෂයාගේ නම කියා කතාකරද්දී බියට පත් සැකකරු පලාගොස්‌ තිබේ. එම පලා යන අවස්‌ථාවේ ඔවුන් විසින් මිතුරා හඳුනාගෙන ඇත.

කඹුරුපිටිය පොලිස්‌ වසමේ හොරපාවිට නිවසක සිදුවී ඇති මෙම පුවත කඹුරුපිටිය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු
මිතුරා රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

මෙම සැකකරු කඹුරුපිටිය පොලිස්‌ වසමේ හොරපාවිට ආරක්‍ෂක අංශයේ සේවය කරන විසි හතර හැවිරිදි අවිවාහක කුමාර වීරතුංග නමැති අයෙකි.
 
Related Posts with Thumbnails