Ads 468x60px

.

දිනූෂාගේ පෙම්වතා ධම්මික,ලේච්වර්ත් විහාරයේ හිටපු විහාරාධිපති හාමුදුරුවෝලු

නහල්ලේ රාහුල නමින් වයස අවුරුදු 10 දී පැවදී දිවියට...
දිනුෂාව හදුනාගෙන ඇත්තේ ජනප්‍රිය වෙබ් අඩවියකින්

ස්වර්ණවාහිනි ජනප්‍රිය නිවේදිකා දිනුෂා රාජපතිරණ මෙම මස අවසානයේදී විවාහ දිවියට ඇතුලත්වීමට නියමිත පුවත මීට පෙර අප ඔබට වාර්තා කළා.
වසර දෙකක ප්‍රේම සම්බන්ධතාවයකින් පසුව ඇය හා විවාහ වීමට යන්නේ ධම්මික නමැති රුපවාහිනි ක්ෂේත්‍රයට සම්බන්ධ නොවන කෙනෙකු සමඟ බවත් විවාහ යෝජනාව ගෙන ආවේ සොයුරියගේ සැමියා බවත් ඇය මාධ්‍ය වෙත පවසා තිබුනේ පහත අයුරිනි.

"සොයුරියගේ සැමියා ගෙනාපු ධම්මික පිළිබඳ යෝජනාවට මං ඉතසිතින් කැමති වුණා. ඒ හඳුනාගැනීමෙන් පස්සේ අපි පෙම්වතුන් වුණා. මේ වෙනකොට අපේ ආදරයට අවුරුදු දෙකක් ගතවෙලා. ධම්මික බොහොම සාමාන්‍ය සරල කෙනෙක්. මම හිතන්නේ මට සුදුසුම කෙනා හමුවුණා කියලා.

ඔහු මේ ක්ෂේත‍්‍රයට සම්බන්ධ කෙනෙක් නම් නෙමෙයි. නමුත් මම නිවේදිකාවක් විදියට කරන වැඩසටහන් ඔහු නරඹනවා. ඒ වගේම මගේ අතින් සිදුවන වැරදි වගේම අඩුපාඩුත් නිවේදිකාවක් විදිහට වෙනස් කරගතයුතු බොහෝ දේ පිළිබඳවත් ඔහු මා දැනුවත් කරනවා"

දිනූෂා විවාහ වීමට සැරසෙන ධම්මික ගැන තොරතුරු සොයා බැලීමේදී ධම්මික කවුරුන්ද යන වග මේ වන විට අපට අනාවරණය වී තිබෙනවා. ධම්මික යනු එංගලන්තයේ  ලේච්වර්ත් විහාරයේ හිටපු විහාරාධිපති හාමුදුරුවෝය. නහල්ලේ රාහුල නමින් වයස අවුරුදු 10 දී පැවදී දිවියට ඇතුලත්වී වසර කීපයකට පසුව එංගලන්තයට ගොස් 2000 සිට 2011 දක්වා වසර 12ක කාලයක් ලේච්වර්ත් විහාරයේ නහල්ලේ රාහුල නමින් වැඩ වාසය කර ඇත.


ලේච්වර්ත් විහාරය හොඳින් පවත්වාගෙන යන කාලයක උන්වහන්සේ දිනුෂාව හදුනාගෙන ඇත්තේ ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියක් හරහාය. පසුව උන්වහන්සේ මෙයට අවුරුද්දකුත් මාස ගණනකට පෙර සිවුරු හැර ගිහි දිවියට ඇතුළත්ව ඇත. දිනූෂා පවසන පරිදි ඔවුන්ගේ පෙම් සබඳතාවයට මේ වන විට වසර දෙකක් සපිරේ.


සිවුරු හැරීමට පෙර එංගලන්තයේ ලේට්ච්වෙර්ත් විහාරයේ හිටපු විහාරාධිපති නහල්ලේ රාහුල හිමිගේ හා සිවුර හැරීමෙන් පසු ධම්මිකගේ ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.



 
 


 අවූරුදු දෙකක පෙම් සම්බන්ධතාවයකින් පසුව දිනුෂා යුග දිවියට එළඹීමට සුදානම්
 
Related Posts with Thumbnails