Ads 468x60px

.

වැන්කඩේ අයි.පී.එල් තරගාවලියේ ෂාරුක් ඛාන් යකා නටලා

දැන් ෂාරුක් ඛාන්ට එම ක‍්‍රීඩංගණය තහනම් කලාපයක්...
ඔහු දිගින් දිගටම නරඹන්නන්ට වදයක් වෙලා

අයි.පී.එල් තරගාවලිය යටතේ පෙරේදා ඉන්දියාවේ වැන්කඩේ ක‍්‍රීඩාංගණයේ පැවති තරගයක් අවසානයේ ක්‍රීඩාංගණයේ ආරක්ෂක නිලධාරීන්ට පහර දෙන්නට යමින් කලබලකාරී ලෙස හැසිරීම නිසා සුපිරි බොලිවුඞ් නළු ෂාරුක් ඛාන්ට එම ක‍්‍රීඩංගණය තහනම් කලාපයක් බවට පත් කරන්නට බලධාරීන් තීරණය කර තිබේ. 


එම තීරණය පිළිබඳ ක‍්‍රීඩා පිටිය භාර නියෝජ්‍ය කළමනාකරු රවි සවානාත් ඊයේ මාධ්‍ය නිවේදනයකින් දන්වා තිබේ.
 

ෂාරුක් ඛාන්ට අයත් "කල්කටා නයිට් රයිඩර්ස්" පිළ පෙරේදා තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිළ පරදා ජයගැනීමෙන් අනතුරුව 40 කගේ පමණ පිරිසක් සමග ෂාරුක් ඛාන් පිටියට කඩා වැදුණ බව වාර්තා වේ. 

ඔහු කෑකෝ ගසමින් ප‍්‍රතිවාදීන්ට අසභ්‍ය වචන දොඩමින් ඔවුන් පසුපස එළවා පහර දෙන්නට උත්සාහ කළ බව ක්‍රීඩාංගන බලධාරීහු පවසති. ෂාරුක් ඛාන් වටා ඔහුගේ පුද්ගලික ආරක්ෂකයින් සිටි බවත් ඔවුන් පවා ෂාරුක්ගේ හැසිරීම නවතන්නට නොගිය බවත් කියවේ.
 

ක‍්‍රීඩාංගණය භාර ආරක්ෂක නිලධාරීන් ඔහුව වළක්වන්නට දැරූ උත්සාහයන්ද නොතැකූ ඔහු දිගින් දිගටම නරඹන්නන්ට වදයක් වූ බවද පැවසේ.


කෙසේ වෙතත් මේ සිද්ධියෙන් පසු ෂාරුක් ඛාන් මාධ්‍ය අමතා කියා සිටියේ තරඟය නරඹමින් සිටි කුඩා දරුවන් පිරිසකට ක්‍රීඩාංගන ආරක්ෂක නිලධාරීන් බාධා කළ බවත් එම සිද්ධියට තමාට කේන්ති ගොස් හැසිරුණ බව ඇත්තක් වුවත් තමා බීමත්ව නොසිටි බවයි.




 
Related Posts with Thumbnails