Ads 468x60px

.

කීනවලදී ඉන්ධන ප්‍රවාහන දුම්රියක් හිඟන්නාගේ හැපී මැදිරි දෙකක් පීලි පනී

අනතුරට ලක්ව ඇති "හිඟන්නා" නමින් හඳුන්වන මෙම මගී ප්‍රවාහන දුම්රිය පොල්හගවෙල දුම්රිය ස්ථානයේදී පස්වරු 06.10ට කොළඹ බලා පිටත්වීමට නියමිතව තිබූ නමුත් එහි සිදුවී ඇති කාර්මික දෝෂයක් නිසා පමාවී පිටත්ව ඇත. 


එය මද දුරක් ගමන්ගන්නා විට කීනවල දුම්රියපොළ ආසන්නයේදී නැවතත් කාර්මික දොෂයක් මත නැවතී තිබේ.එම අවස්ථාවේ පසුපසින් පැමිණි RR වර්ගයේ ඉන්ධන ප්‍රවාහන දුම්රිය එහි ගැටී ඇති අතර එහි මැදිරි දෙකක් පීලි පැන ඇත.
 
එම දුම්රිය ඉන්ධන ඉවත්කර නැවත කොළඹ බලා පැමිනෙමින් තීබූ හිස් දුම්රියක් බැවින් සිදුවීමට තිබූ හානිය විශාල වශයෙන් අවම වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරියෙක් පැවසීය.මෙයිනි 20 දෙනෙකු පමණ සුළු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් තිදෙනෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය.

දුම්රිය දෙකෙහි රියදුරන් දෙදෙනා ද තුවාල ලැබූවන් අතර වේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව්දෙනෙකුගේ වැඩතහනම් කළ බව ද දුම්රිය සැලසුම් අධ්‍යක්ෂ විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.






 
Related Posts with Thumbnails