Ads 468x60px

.

හොරා ඇඳ යටට හෙලුවෙන්ම රිංගලා

රොමක් අන්දවා අත් අඩංගුවට අරන්...

ගම්පොල කහටපිටියේ නිවෙසක ඇඳක් යට අද (01) අලූයම නිරුවතින් සිටි සොරෙක් අල්ලා ගම්පොල පොලිසියට භාරදී තිබේ. 

පසුව පොලිසිය විසින් සරොමක් අන්දවා ඔහු අත්අඩංගුවටගත් බව පැවසේ.සැකකරු පහරකෑමට ලක්ව සිටි බවද පැවසෙන අතර ඔහු මේවන විට ගම්පොළ රෝහලට ඇතුළත්කර ඇතැයි වාර්තා වේ.


මේ  අතර, අපරාධ රැසකට සම්බන්ධ බව කියන පුද්ගලයෙක් බලගොල්ල පොලීසියේ අත්අඩංගුවට පත්ව තිබේ.සැකකරු සතුව තිබී සොරාගන්නා ලද දේපලවලින් රුපියල් 150,000 ක් වටිනා දුම්වැටි, ජංගම දුරකතන කිහිපයක්, රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා රන් භාණ්ඩ සහ මෙම අපරාධ සිදුකිරීමට යොදාගත් බවට සැක කරන මෙරට සාදන ලද පිස්තෝලයක්, අත් විලංගු ජෝඩුවක්, උණ්ඩ ආදී උපකරණ තොගයක්ද සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

මොහු වෙන්නප්පුව, මිහින්තලය, අනුරාධපුරය, පූගොඩ, මීගමුව සහ මහනුවර ආදී ප‍්‍රදේශවල කොල්ලකෑම් කිහිපයකටම සම්බන්ධ බවද පැවසේ.
 
Related Posts with Thumbnails