Ads 468x60px

.

නමගිය දේශපාලනඥයකුගේ හොර දැව ජාවාරම් ඇතුළුව උඩුගම පොලිසියේ පැමිණිලි පොතක්‌ අතුරුදන්

මිල්ල ලී තොගයක තොරතුරුද අතුරුදන්...
පොලිසියේ සිවුදෙනකුගේ වැඩ තහනම්...

ගාල්ල ප්‍රදේශයේ නමගිය දේශපාලනඥයකුගේ ඥාතියකු කරගෙන යන හොර දැව ජාවාරමක තොරතුරු සඳහන්ව තිබූ උඩුගම පොලිසියේ පැමිණිලි පොතක්‌ අතුරුදන්වීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් පොලිස්‌ නිලධාරීන් සිවුදෙනකුගේ වැඩ තහනම් කර තිබේ. 


පසුගියදා දිස්ත්‍රික්වල වැඩිම මණාප බා ගත් මන්ත්‍රී වරුන් සඳහා නියෝජ්‍ය ඇමති කම් ඉල්ලමින් පෙරමුණනේම සිටියේද මෙම මන්ත්‍රීවරයාය.මෙසේ වැඩ තහනමට ලක්‌ව ඇත්තේ කොස්‌තාපල් තනතුරේ සිටම උඩුගම පොලිසියේ සේවය කර උප පොලිස්‌ පරීක්‍ෂකවරයකු දක්‌වා උසස්‌වීම් ලබා සිටි නිලධාරියකු සහ පොලිස්‌ කොස්‌තාපල්වරුන් තිදෙනෙකි.

මේ වන විට උඩුගම පොලිසියේ නිලධාරීන් ගණනාවක්‌ සම්බන්ධයෙන් ඉහළ මට්‌ටමේ පරීක්‍ෂණයක්‌ සිදු වෙමින් තිබෙන අතර, එසේ තිබියදී අදාළ පැමිණිලි පොත අතුරුදන් වීම බරපතළ කරුණක්‌ බව ගාල්ල ප්‍රදේශයේ උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ සඳහන් කළේය.

අදාළ දේශපාලනඥයාගේ ඥාතියා විසින් මීට දින කිහිපයකට ඉහත ප්‍රදේශයේ රක්‍ෂිතයකින් කපා ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් මිල්ල වර්ගයේ ලී තොගයක තොරතුරු ද මෙසේ අතුරුදන් වූ පොලිස්‌ පොතේ සටහන්ව තිබී ඇත.
 
Related Posts with Thumbnails