Ads 468x60px

.

පැවිද්දන්ගෙන් සහ පුජකයන්ගෙන් ළමුන් බේරා ගනිමු

පුජක පක්ෂය විසින් සිදු කරන ළමා අපයෝජන ක්‍රමක් ක්‍රමයෙන් ඉහල යමින් පවතියි. නමුත් මේවා වාර්තා වන්නේ ඉතා අඩුවෙනි. අපයෝජන වලින් 99 % වාර්තා නොවේ. 
 
එම නිසා ආගමික ලෝගුවට මුවා වී පුජකයන් සහ පැවිද්දන් ළමා අපයෝජන සිදු කරති.  පැවිද්දෙකු විසින් සිදු කල ළමා අපයෝජන නඩුවක තීන්දුවක් පිලිබඳ අද ලන්ඩනයෙන් වාර්තා විය. 
 
ළමා අපචාර සහ ලිංගික දුෂණ සම්බදයෙන්  බටහිර ලන්ඩනයේ ක්‍රොයිඩන්හි තේම්ස් බෞද්ධ විහාරයේ විහාරාධිපති පහලගම සෝමරතන හිමියන්ට එරෙහිව පැවැති නඩු විභාගයෙන් එම භික්ෂුව වරදකරු බව උසාවිය තීරණය කොට ඇති අතර දඬුවම් නියම කිරීම 2012  ජුනි මාසයේ 1 දින  සිදුවන බව වාර්තා වේ. 
 
1970 වසර හා ඒ ආසන්න කාලයේදී  පහලගම සෝමරතන භික්ෂුවගෙන්  අපචාරයට ලක්වූ බව කියන කාන්තාවන්  කිහිපදෙනකුම අධිකරණය හමුවේ ප්‍රකාශයන් ලබා දී ඇත. 1977 - 1978 වකවානුවල ලිංගික  අපචාර 3 ක් ඇතුළු ළමා අපයෝජන චෝදනා 4 ක් යටතේ මෙම භික්ෂුවට නඩු පවරා තිබුණි.    

පන්සල් , පල්ලි සහ කෝවිල් වල අද ළමා අපයෝජන සහ ස්ත්‍රී දුෂණ බහුලව සිදු වේ. නමුත් නීතිය හමුවට වාර්තා වන්නේ ඉතා සුළු ප්‍රතිශතයකි. දඬුවම් නියම වන්නේ ඊටත් වඩා අඩු ප්‍රතිශතයකටය.  අපචාර වලට චෝදනා ලබන  ආගමික නිකාය වල පුද්ගලයන් නිතිය ඉදිරියට ගෙන ආවද බොහෝ විට ඔවුන් නීතියේ සිදුරු තුලින් රිංගා යති.
 
 උදාහරණයක් ලෙස මෑතකදී ළමා අපයෝජනයන් කල හෙළ උරුමයේ අපරැක්කේ  පුන්‍යානන්ද , බාල වයස්‌කාර දැරියන් සිවුදෙනකු බරපතළ ලිංගික අපයෝජනයට ලක්‌ කළේ යෑයි අත්අඩංගුවට ගනු ලැබූ ජාඇල හාවස්‌ට්‌ ළමා නිවාසයේ භාරකාර  රොඩ්නි  ඔලිවර් පෙරේරා පාස්‌ටර්වරයා , ස්ත්‍රී දුෂණයක් කල කොම්පඤ්ඤවීදියේ දෙවස්ථානයක දේවගැතිවරයා වැනි පුද්ගලයන් තවමත් අපගේ සමාජයේ නිදැල්ලේ සැරිසරති. උසාවියට සහ පොලිසියට සිදු කරන දේශපාලන  බලපෑම් නිසා මෙම පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වේද යන්න  සැක සහිතය.  
 
බොහෝ විට ඉදිරි කාලයේදී මෙම පුද්ගලයන් නඩුවලදී නිදොස් වී  යනු අපට දැකගත හැකි වුවහොත් එය පුදුමයක් නොවේ.   

 පන්සල් , පල්ලි සහ කෝවිල් වල සිදුවන අපයෝජන නිසා අපගේ සමාජය වඩ වඩාත් හිංසක සමාජයක් බවට පරිවර්තනය වනු දැකිය හැකිය. පන්සල් වල සිදුවන බාල වයස්කාර සාමනේර අපයෝජනය බාහිරයට නොපෙනෙන නමුත් බරපතල සමාජ ගැටලුවකි. 
 
වර්තමානයේ දී මහජන උද්ඝෝෂණ වලදී කිසිදු සංවරයකින් තොරව සිවුරු උස්සාගෙන මැරයන් ලෙස හැසිරෙන  භික්ෂුන් එලෙස හැසිරීමේ එක හේතුවක් නම් ඔවුන් සාමනේර කාලයේ වැඩිහිටි භික්ෂුන්ගේ අතින් ලිංගික අපයෝජනයට ලක් වීමය. ඔවුන් මැරෙන තුරු උපවාස කිරීමට , ගිනි තබාගෙන දිවි නසා ගැනීමට පවා වහසි බස් මාධ්‍ය හරහා නොපැකිලව පරම්බාති. 
 
ඔවුන්ගේ හැසිරීම අවිහිංසාවාදී බුදු දහමට සහමුලින්ම පටහැණිය. බොහෝ විට ලිංගික අපචාරවලට ලක් වූ භික්ෂුන් මේ අයුරින් තම වයිරය  සමාජයට ප්‍රකාශ කිරීම අද දිනයේ සුලබව දැකිය හැකි කරුණකි.මේ නිසා ළමා වයසේ පසුවන සාමනේර භික්ෂුන් ආරක්ෂා කරගැනීමේ වැඩ පිළිවෙතක්  අවශ්‍ය කෙරේ.  
 
මෑතකදී වාර්තා වූ පරිදි අපරැක්කේ  පුන්‍යානන්ද ,භික්ෂුව  නාගස්ඇල්ල පමුණුව ශී‍්‍ර විවේකාරමයේ  දී කුඩා සාමනේර හිමිවරුන් පස්දෙනෙකුට බරපතළ ලිංගික අතවර කොට ඇත්තේ ඔවුන්ට දානය නොදී කුසගින්නේ තබාගෙනය. අදාළ සාමනේර හිමිවරුන්ට ඉඳහිට ලිංගික අතවර කළ බව අපරැක්කේ පුන්‍යානන්ද හිමියන්   අධිකරණයේදී පිලි ගන්නා ලදී. මේ වාර්තා වූ එක  සිදුවීමක් පමණි.  

 ළමා අපයෝජන සම්බන්දයෙන් පල්ලියටද චෝදනා තිබේ. සමහර ක්‍රිස්තියානි පුජකයන් විසින්  ළමා ලිංගික අපයෝජන සහ ස්ත්‍රී දුෂණ කල බවට ලංකාවෙන් සහ ලෝකයේ අනෙකුත් රටවලින් වාර්තා ලැබී තිබේ. මන්නාරම පොලිසිය වාර්තා කරන පරිදි යුද්දයෙන් අවතැන් වූ ගැහැණු ළමුන් අපයෝජනය කල මුරුක්කන් ප්‍රදේශයේ ක්‍රිස්තියානි පුජකයෙකුට එදිරිව දැන් නඩු විභාගය පැවැත්වේ. 
 
මිට පෙර ළමා අපයෝජන සිදු කල ක්‍රිස්තියානි පුජකයන් බොහෝ දෙනෙකු නීතියේ සිදුරෙන් පැන ගොස් ඇති බව පෙනී යයි. උදාහරණයක් ලෙස මිට වසර කීපයකට පෙර මීගමුව ලොයෙලා විද්‍යාලයේ ළමුන් අපයෝජනය කල දේවගැතිවරයා චෝදනා වලින් මිදී අද අප සමාජයේ නිදහසේ සැරිසරයි.  
 
ළමා අපයෝජන කල ක්‍රිස්තියානි පුජකයන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ග නොගෙන ඒවා යට ගැසීම ගැන  වතිකානුවට පවා චෝදනා එල්ල වී තිබේ. බී බී සී ආයතනය විසින් සිදු කල වාර්තාමය වැඩසටහනකදී මේ බව අනාවරණය වී ඇත. Vatican Sex Crimes - Pope Benedict's Obstruction of Justice  නම් වන මෙම වාර්තාමය වැඩසටහන මෙම සබැඳිය ඔස්සේ  නැරඹිය  හැක. ( (http://www.youtube.com/watch?v=rOyb-pV61zk)      

 බහුලව  මාධ්‍යට වාර්තා නොවුවද කෝවිල් වලදී දේව ශාන්තිකර්ම මුවාවෙන් බහුලව ලිංගික අපයෝජන සහ ස්ත්‍රී  දුෂණ සිදුවේ. ඇතැම් කපුවන් දෙහි කැපීමේ ශාන්තිකර්ම කරන්නේ අදාල ළමයා හෝ කාන්තාව තනිවම කුටියකට ගෙන නිරුවත් කරවීමෙනි. 
 
සමහර විට  මතුරන ලද තෙල් ශරීරයේ ගැලවීමේ මුවාවෙන් ලිංගික අපයෝජන සිදු කරයි. කල්කටා ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කරන අන්දමට ඉන්දියාවේ හින්දු  කෝවිල් වල වාර්ෂිකව ළමුන් රැසක් අපයෝජනයන්ට පත් කරති. ලංකාවේද මෙම තත්වය මිට නොදෙවෙනි නොවේ.   ළමා ලිංගික අපයෝජකයන් සෑම ආගමික  සංස්ථාවකින්ම වාර්තා වී ඇත.  
 
මෑතකදී කෙන්යාවේ ඕමාර් සලීම් කාසිම් නමැති මුස්ලිම් පුජකයා විසින් ළමුන් දෙදෙනෙකු මුස්ලිම් පල්ලියක ලිංගිකව අපයෝජනය කිරීම නිසා ඔහුව පොලිස් අත්අඩංගුවට පත් විය. ( අදාල විඩිඕ පටය නරඹන්න kenya http://www.youtube.com/watch?v=N8KITby1AM4  )   

අතීතයේ ළමුන් බේරා ගැනීමට සිදු වුයේ ගෝනි බිල්ලන්ගෙනි. නමුත් වර්තමානයේ දී  ළමුන් පුජකයන්ගෙන් ද බේරා ගැනීමට සිදුවී තිබීම යුගයේ පරිහානියකි. ළමා අපයෝජක පුජකයා අදහන්නේ ක්‍රිස්තුස් , බුදුන් , ක්‍රිෂ්ණා හෝ අල්ලා නොවේ. ආගමික ලෝගුව  ඔහුගේ බැටළු සමයි. ඊට යටින් සිටින්නේ රුදුරු මෘගයෙකි. 

-අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails