Ads 468x60px

.

අමීෂා පටෙල් අනූනමයෙන් බේරුන හැටි

හදිසියේම ලෑල්ලක් කඩා වැටීලා...

ප‍්‍රසිද්ධ බොලිවුඩ් නිළි අමීෂා පටෙල් පසුගියදා සිදුවූ අනතුරකින් අනූනමයෙන් බේරී ඇතැයි වාර්තා වේ.

අමීෂා ට මෙම සිද්ධියට මුහුණදීමට සිදුවී ඇත්තේ ඇය රඟපාන ‘ෂෝට්කට් රෝමියෝ’ චිත‍්‍රපටියේ රූගතකිරීම් අතරතුරේදීය.


මෙම චිත‍්‍රපටියේ එක් ජවනිකාවක් වෙනුවෙන් ගොඩනැගිල්ලක 30 වැනි තට්ටුවක සිට රූගත කිරීමට අවශ්‍ය ලෑලි ආදිය සවි කර තිබී ඇත.
විවේකීව සිය ට්විටර් වෙබ්පිටු බලමින් සිටි අමීෂා හා බොලිවුඞ් නළු නීල් නිතින් මුකේෂ් මෙම ලෑලි වලට යටින් සිටි අවස්ථාවකදී හදිසියේම එක් ලෑල්ලක් කඩා වැටී ඇත.

මෙම ලෑල්ල අමීෂා හා නීල් සිටි ස්ථානයට අඟල් ගණනකින් එහායින් වැටී ඇති අතර, මින් දැඩි කලබලයට පත් ඔවුන් දෙදෙනා වහාම එතැනින් ඉවත් වී ඇත.දෙමළ චිත‍්‍රපටියක් ඇසුරෙන් නිපදවෙන ෂෝට් කට් රෝමියෝ, දකුණු ඉන්දීය අධ්‍යක්‍ෂක සුසී ගනේෂන් ගේ අධ්‍යක්‍ෂණයකි.



 
Related Posts with Thumbnails