Ads 468x60px

.

දහතුන් හැවිරිදි පාසල් දැරියක කැලෑවකට රැගෙන ගොස්‌ අමානුෂික ලෙස ලිංගික අතවර කරලා

සිද්ධිය යටපත් කිරීමට රුපියල් විසි දෙලක්‍ෂ අනූදහසක මුදලක්‌ දැරියගේ පියාට දීලා...

අනුරාධපුර ප්‍රදේශයේ දහතුන් හැවිරිදි බාලවයස්‌කාර පාසල් දැරියක කැලෑවකට රැගෙන ගොස්‌ අමානුෂික ලෙස අතවර කර පසුව රුපියල් විසි දෙලක්‍ෂ අනූදහසක මුදලක්‌ දැරියගේ පියාට දී එම සිද්ධිය යටපත් කිරීමට උත්සාහ ගත් කෝටිපති පිය පුතු දෙදෙනකු අත්අඩංගුවට ගත් ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ පොලිස්‌ නිලධාරීන් විසින් ඊයේ (01 දා) සැකකරුවන් අනුරාධපුර මහෙස්‌ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු දින දහහතරකට රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ වී මෝල් සහ ගල් මෝල් කිහිපයක හිමිකරුවන් වන අනුරාධපුර තුන්වැනි පියවරේ පදිංචි පිය පුතු දෙදෙනෙකි.

ඉකුත් ජනවාරි මස දොළොස්‌ වැනි දින පාසල් ගොස්‌ නිවසට එමින් සිටි දැරිය රවටා සුඛෝපභෝගී කැබ් රථයකට නංවාගෙන ඇති සැකකාර ව්‍යාපාරිකයාගේ පුත්‍රයා ප්‍රදේශයේ කැලෑවකට රැගෙන ගොස්‌ කැබ්රථය තුළදීම දැරියට අමානුෂික ලෙස අතවර කර ඇතැයි පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.

දැරිය ව්‍යාපාරික පුත්‍රයාගෙන් මිදී නිවසට දිව විත් සිද්ධිය දෙමව්පියන්ට පැවසීමෙන් පසු ලේ තැවරුණු පාසල් නිල ඇඳුම්පිටින්ම දැරිය රැගෙන ගොස්‌ අනුරාධපුර මූලස්‌ථාන පොලිසියට පැමිණිලි කිරීමට දැරියගේ මව්පියන් පියවර ගෙන තිබේ.

එහිදී අමුතුම ආකාරයට ක්‍රියා කර ඇති අනුරාධපුර පොලිසිය ලේ තැවරුණු පාසල් ඇඳුම් පිටින් පොලිසියට පැමිණි දැරිය හා ඇගේ මව්පියන් යළි පිටත් කර යවා පසුදා පැමිණෙන ලෙස දැනුම් දී ඇත.

පසුදා දැරිය යළි තම මව සමඟ අනුරාධපුර පොලිසියට පැමිණි අවස්‌ථාවේ සැකකාර ව්‍යාපාරික පුත්‍රයාවද එහි කැඳවීමට පොලිසිය පියවර ගෙන ඇත. එහිදී දැරිය සැකකරු පෙන්වා තමාට අතවර කළේ ඔහු බව පවසමින් බියට පත්ව පොලිස්‌ නිලධාරීන් ඉදිරියේම හඬා වැටී ඇතැයි හෙළි වී තිබේ.

එසේ තිබියදී හිටි හැටියේම අනුරාධපුර පොලිසිය පවත්වාගෙන ගිය මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන යටපත්ව ගොස්‌ ඇත. ඉකුත් පෙබරවාරි මස හත්වැනිදා අනුරාධපුර පොලිසියට දැනුම්දීමක්‌ කර ඇති දැරියගේ පියා තම දියණිය ව්‍යාපාරික පුත්‍රයාට එරෙහිව පවසා ඇත්තේ අසත්‍යයක්‌ බවට ප්‍රකාශයක්‌ කර තිබේ.

එහිදී අදාළ ලිපිය අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති පොලිසිය ඒ අනුව සියලු විමර්ශන නවතා දැමීමට පියවර ගෙන තිබේ.

මේ අතරේ දැරියට සිදුවූ සිදුවීම දැන සිටි ප්‍රදේශවාසියකු ජාතික ළමා රක්‍ෂක අධිකාරියට ඉදිරිපත් කළ පෙත්සමකට අනුව විමර්ශන සිදු කළ ළමාරක්‍ෂක අධිකාරියේ පොලිස්‌ විමර්ශන ඒකකය මෙහි සියලු තොරතුරු අනාවරණය කරගෙන ඇත.

ළමාරක්‌ෂක අධිකාරිය සිදු කළ විමර්ශනයේදී දැරිය හා පවුලේ අය ප්‍රදේශය හැරදා ගොස්‌ සිටින බවට මුලින්ම හෙළිවී ඇති අතර පසු දැරියගේ පියා භාවිත කළ ජංගම දුරකථනය ඔස්‌සේ පරීක්‍ෂණ පවත්වා ඔවුන් බේරුවල ප්‍රදේශයට ගොස්‌ සිටින බවට අනාවරණය කරගෙන ප්‍රදේශයේ පාසල් මට්‌ටමින් සොයා බලා දැරිය සොයා ගැනීමට සමත්ව තිබේ.

පසුව දැරිය සිය භාරයට ගත් ළමාරක්‍ෂක අධිකාරිය ඇගෙන් කළ විමසීමකදී ඇය තමන්ට සිදුවූ සියලු දේ ප්‍රකාශ කළ බවද වාර්තා වේ.

සැකකාර කෝටිපති ව්‍යාපාරිකයාගෙන් සහ ඔහුගේ පුත්‍රයාගෙන් මුදල් ලබා ගත් දැරියගේ පියා එම මුදල්වලින් මේ වන විට ඩීමෝ බට්‌ටා වර්ගයේ ලොරියක්‌ද මිලදී ගෙන ඇතැයි පොලිසිය හෙළිකරගෙන තිබේ.

දැරියගේ පියා මුදල් ලබා ගැනීම සම්බන්ධවද මේ වන විට විමර්ශනයක්‌ පැවැත්වෙන අතර ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ සභාපති අනෝමා දිසානායක මහත්මියගේ උපදෙස්‌ මත එහි පොලිස්‌ ඒකකයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරික්‍ෂක බාලචන්ද්‍ර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්‌ වැඩිදුර පරික්‍ෂණ පවත්වති.
 
Related Posts with Thumbnails