Ads 468x60px

.

හෂීස් පාර්සලය නොතකාද ඇන්ජලා සමඟ ගනුදෙණු කළ කලා කරුවෝ

චෝදනා මධ්‍යයේද ඇන්ජලාගේ සැපදුක් සෙවූ මේ අය ඇගේ කළණ මිතුරන් ලෙස සලකනවලු...

ප‍්‍රවීන නිළි ඇන්ජලා සෙනවිරත්නගේ නමට මධ්‍යම තැපැල් හුවමාරුවට ආ හෂීස් පාර්සලයක් නිසා පසුගිය කාලයේදී ඇය ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් විය. 

කෙසේවුවද මේ සිද්ධියෙන් පසුව ඇන්ජලා සමඟ ගනුදෙණු කරන්නන් පිළිබඳව සොයා බැලීමටද ආරක්‍ෂක අංශවල අවධානය යොමු විය.


අදාල තත්ත්වයන් නොතකාද ඇන්ජලා සමඟ ගනුදෙණු කළ කලා ලෝකයේ කිහිපදෙනෙකු සම්බන්ධයෙන් පසුගියදා හෙළි විය.
මෙසේ ඇන්ජලා සමඟ ගනුදෙනු කර තිබුණේ මරියෝ ජයතුංග, සනෝජා බිබිලේ, කමල් අද්දරආරච්චි, අනෝජා වීරසිංහ හා කැළුම් විජේසූරිය යන නළු නිළියන්ය.

ඇන්ජලාට ආ බරපතල චෝදනාව නිසා ඔවුන් ගැනද ආරක්‍ෂක අංශයේ ඇස යොමුවූ බව මේ අතර වාර්තා වේ.කෙසේවුවද චෝදනා මධ්‍යයේද ඇන්ජලාගේ සැපදුක් සෙවූ මේ අය ඇගේ කළණ මිතුරන් ලෙස සලකන බව ඇන්ජලා ඇගේ හිතවතුන් සමග පවසා ඇති බවද පැවසේ.


 
Related Posts with Thumbnails