Skip to main content

ශ්‍රී ලංකාවේ ව්‍යවස්තාව සංශෝධනය කල යුත්තේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මිස ඉන්දීය පාර්ලිමේන්තුවේ නොවේ

ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායිකාව ඇතුළු පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් මෙරටට පැමිණ ඇත. අසල්වැසි රටක එවැනි නියෝජිත පිරිසක් ශී‍්‍ර ලංකාවට පැමිණ මෙහි ඇති සැබෑ තතු දැනගැනීමට පෙළඹීම පිළිබඳව අපි සතුටු වෙමු.

ශී‍්‍ර ලංකාවට පැමිණ සිටින ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ දෙමළ සන්ධානයේ මතය හා ලොව පුරා එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පතුරුවා ඇති මිත්‍යාවන් පසෙකලා උතුරේ දෙමළ ජනයා ගැන පමණක් නොව නැගෙනහිර, බටහිර ආදී ප‍්‍රදේශවල ජීවත්වන දෙමළ ජනයා ගැනද අවධානය යොමුකරන ලෙසය.


එවිට ඔවුනට වැටහීයනු ඇත්තේ සිංහල ජනයා සමග ශී‍්‍ර ලංකා ආණ්ඩුව විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පාලනය කළ ප‍්‍රදේශවල ජීවත් වූ දෙමළ ජනයාගේ ජීවන තත්වය ලංකාවේ වෙනත් කිසිම ජන කණ්ඩායමක ජීවන තත්වයට වඩා හොඳින් පවතින බවය.

ඔවුන් සෑම ක්‍ෂේත‍්‍රයකම සමාන අයිතිය ඉහළින් භුක්තිවිඳ ඇති බවය. වන්නියේ හා යාපනයේ දෙමළ ජනයාගේ ජීවිත දශක ගණනක් ආපසු ගෙනගොස් ඇත්තේ ශී‍්‍ර ලංකා රජය හෝ සිංහල ජනයා නොව දෙමළ ජාතිවාදය කරපින්නාගත් තමිල්නාඩුවේ ආශිර්වාදය ලබාගෙන ත‍්‍රස්තවාදය කි‍්‍රයාත්මක කළ එල්.ටී.ටී.ඊ. ය ප‍්‍රමුඛ ජාතිවාදී බෙදුම්වාදී ත‍්‍රස්තවාදය බවය.

එමෙන්ම, ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ උතුරු හා නැගෙනහිර ජනවාර්ගික සංහාරයන් නිසා සිංහල හා මුස්ලිම් ජනයා දස දහසකට වඩා මරා දැමුණු බවයි. ලක්ෂ තුනකට ආසන්න පිරිසක් ගම් බිම්වලින් පලවාහැර ඇති බවය. ඔවුන්ට තවමත් නැවත පදිංචි වීමට දෙමළ සන්ධානය බාදා කරන බවය.

එමෙන්ම, ශී‍්‍ර ලංකාවේ සෙබළුන් 26,000ක් ජීවිත පූජා කළේ ඉන්දියාවේද නිදහස වෙනුවෙන් බව අමතක නොකරන ලෙසද ඉල්ලමු.ඉන්දියාවේ බෙදුම්වාදයන් පවතින කාෂ්මීරය, පන්ජාබය, ඇසෑමය හෝ නාගලන්තය හෝ වෙනත් වාම වාදී ත‍්‍රස්තවාදයන් පවතින ප‍්‍රාන්තවල ජනයාගේ වේදනාවන් අපට වැටහෙන බවද,  ශී‍්‍ර ලංකාව කිසිවිටෙක එකී ප‍්‍රශ්නවලට අත පොවා නැති අතර, ඉන්දියාවේ ස්වෛරීත්වය ගරු කර ඇති බවද දන්වමු.

එමෙන්ම ශී‍්‍ර ලංකාව තුළදී කිසිදු ඉන්දීය දේශපාලඥයෙකුට හෝ පුද්ගලයින්ට චේතාන්විත හිරිහැර කරදර සිදු නොවූ බවද, ඉන්දීය සෙබළුන් ඝාතනය කළේද, ඉන්දියාවේදී රජීව් ගාන්ධි තුමා ඝාතනය කළේද දෙමළ බෙදුම්වාදීන් බවද පෙන්වාදෙනු කැමැත්තෙමි.

ඔබගේ ප‍්‍රතිචාරයද එවැනි ධර්මානුකූල කි‍්‍රයාවලියක් වනු ඇතැයි අපි පතන්නෙමු. බුදු දහම ආදියෙන්ද, සංස්කෘතික දායාදවලින්ද ඉන්දියාවෙන් අප පෝෂණය වූවාසේම, අපගේ අනන්‍යතාවයද පසුගිය වසර දහස් ගණනක් පුරා අප රැකගත් බවද, එය ඉදිරියටද සිදුකරන බවටද නැවත ඔබ වෙත අවධාරණය කරමු.”


ඕමල්පේ සෝභිත හිමි

නායක

ජාතික හෙළ උරුමය

Popular posts from this blog

බෑනාගේ අනියම් පෙමට වශී වූ නැන්දම්මා, බෑනා නොදැක එක දවසක්‌වත් ඉන්න බෑ කියයි...

බෑනාගේ සෙනෙහස අහිමි වූ නැන්දම්මා බෑනා ඉල්ලා පොලිසියේ හඬා වැටේ... මීට වසර 11 කට උඩ දී මේ නැන්දම්මාගේ දියණිය ඉසුරු සොයා විදේශගත වන්නේ ඇයගේ වසරක්‌ පමණ වූ කුඩා පුතු මේ අම්මාට භාරදීමෙන් අනතුරුවය. ඒ වන විට අවුරුදු 19 ක නව යොවුන් තරුණ මාතාවක්‌ වූ ඇය ගොවිතැන් බත්කරන අවුරුදු 23 ක්‌ පමණ වූ තම දයාබර ස්‌වාමිපුරුෂයාගේ ජීවන බරින් අඩක්‌ කර ගැසීමටත් දරුවාගේ අනාගත සුබ සිද්ධිය නිසාත් මේ ගමන යන්නට කටයුතු යොදා තිබිණි. කන්තලේ ප්‍රදේශයේ ගංතලාව නම් ජනපදයේ වෙසෙන මෙම නැන්දම්මා තමන්ගේ නිවසේ තනිව ජීවත් වන්නීය. ඇයගේ ස්‌වාමිපුරුෂයා ඒ වන විට මියගොස්‌ය. බෑනා ඊට යාබද ඔහුගේ නිවසේ ජීවත්වන අතර කුඩා දරුවා හැදෙනු වැඩෙනුයේ නැන්දම්මා ළඟය.  කුඩා දරුවා නිසා බෑනා ද නිතර නිතර නැන්දම්මාගේ නිවසට ගොස්‌ දරුවාගේ සුවදුක්‌ විමසා බලන්නට වූ අතර කාලය දැන් කෙමෙන් කෙමෙන් ගලා යයි. වයස අවුරුදු 52 ක්‌ වුවද නැන්දම්මා හොඳට ඇහැට කනට පේන ජැන්ඩි පහට ඇඳ පළඳින 40 ක විතර පෙනුමැති හැඩකාරියකි.  ස්‌වාමියා අකාලයේ අහිමිවීමෙන් හුදකලා වූ නැන්දම්මා ද, වසර දෙකකටත් අඩු කාලයකදී හිටි හැටියේ බිරිඳ රට යැමේ වේදනාවෙන් හා සංකාවෙන් කල්ගෙවන

දානේ ගන්න ඕනේ නම් ගාවට එවන්න.......!

fy< Wreufha wm/lafla mq[a[dkkao ysñf.a YsIH wmfhdackh odfk .kak ´k kï ud .djg tkak'''Z hhs mjiñka jhi 8-10;a w;r YsIH idufkar NslaIqka wmfhdackhg ,lalf<a hhs

පානදුර ගිලුණු නෞකාවේ තෙල් මේ වනවිට මීගමුව දෙහිවල, රත්මලාන, වැල්ලවත්ත වෙරළට...

ගෝල්ෆේස් වෙරල තීරයට පැමිණ රැල්ල පෑගීම අවදානම්..... ආපදා කලමණාකරන මධ්‍යස්ථානය ජනතාව දැනුවත් කරයි... යකඩ කොටස් කිහිපයක් ඊයේ බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල වෙරළට . ඒවා දැක ගැනීමට පිරිස් රොක් වෙයි. පානදුරේ මුහුදේ නැංගූරම්ලා තිබියදී මුහුදු බත් වු නෞකාවෙන් සිදුවන ඉන්ධන කාන්දුව සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ඒ අනුව ගල්කිස්සේ සිට මීගමුව දක්වා වෙරළ තීරයට බලපැවැත්විය හැකි එවැනි තෙල් කාන්දුවක් පිළිබඳ තොරතුරු වාර්තා වුවහොත් දුරකතන අංක