Ads 468x60px

.

චිලී එක්ක මගේ එහෙම කිසිම සම්බන්ධයක් නෑ - ෂෙරිල්


තියනව නම් මට "ඔව්" කියන්න බැරිකමකුත් නෑ...


අමා ටෙලි නාට්‍යය හරහා ජනප්‍රියත්වයට පත් ෂෙරිල් රොමේන් ඩෙකර් හා චිලී සම්බන්ධයෙන් ලිපි කීයපයක් පසුගියදා  අන්තර්ජාල හරහා ඵල කෙරුනා.



ෂෙරිල් හා චිලී එකට ඉන්නා ජායාරූපයත්, ඇඟිලි දිග පෙම්වතෙකු සොයන පුවතත් සම්බන්ධයෙන් ඇය පසුගියදා පුවත්පතකට පවසා තිබුනේ මෙලෙසින්.


ඔබ හොයන පෙම්වතාගේ තියෙන්න ඕනේ මොනවගේ ගතිලක්ෂණද?
මගේ එහෙම හීන නෑ. ඒක මම කාලයට ඉඩ දෙනවා. දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ඒ දේ සිදුවෙයි.


එහෙනම් ඔබ උස, ඇඟිලිඔ දිග පෙම්වතෙක්ට කැමතියි කියන්නෙ?
ඔය කතාව පසුගිය කාලයේ එකතරා මාධ්‍යක පලවුණා. මම කවදාවත් ඒ වගේ මෝඩ කතාවක් කියලා නෑ. මේ දේවල් කොහොම පල වුනාද දෙවියෝ තමයි දන්නේ.


චිලී ඔබේ පෙම්වතා කියන්නේ ඇත්තක්ද?
ඔය ඊලඟ මඩ ප්‍රචාරය. චිලී එක්ක මගේ එහෙම කිසිම සම්බන්ධයක් නෑ. තියනව නම් මට "ඔව්" කියන්න බැරිකමකුත් නෑ. මොකද මම බොරු කියන්න කැමති නැති නිසා. ඒත් නැති දෙයක් තියනවා කියන්න බැහැනේ.


එහෙනම් චිලී හා ඔබේ ජායාරූප අන්තර්ජාලයේ පලවී තිබුනේ කොහොමද?
ඒවා ඉන්ටර්නේට් එකට ගියේ කොහොමද කියන්න මම දන්නේ නෑ.


ඒ කියන්නේ ඔබ චිලී සමඟ ජායාරූප වලට පෙනී සිටියා?
ඔව්. ඒ ඔහුගේ මියුසික් වීඩියෝව වෙනුවෙන්. ඒ රූප රචනාවට අදාලව ගත්ත ජායාරූප වගයක් තමයි ඒ විදිහට අන්තර්ජාලයේ පලවුනේ. මියුසික් වීඩියෝව එලියට ආවම මම කියන්නේ ඇත්තද බොරුද කියලා හරියට දැනගන්න පුළුවන්.
 
Related Posts with Thumbnails