Ads 468x60px

.

සුප්‍රීම් සැට් 1 ගැන රෝහිත කතා කරයි..

තාක්ෂණික දෝෂයක් නෑ...

ශ්‍රි ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව වන සුප්‍රිම් සැට් චන්ද්‍රිකාව නොවැම්බර් 27 වැනිදා යළිත් අභ්‍යවකාශගත කිරීමට සැලැසුම් කර ඇතැයි සුප්‍රිම් සැට් ශ්‍රී ලංකා ආයතනය පවසනවා.

එහි සභාපති ආර්. ඒ. මදිවානන් මහතා කියා සිටියේ සුප්‍රිම් සැට් චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවය.

මෙම චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීමත් සමඟ ශ්‍රී ලංකාවට ක්‍ෂේත්‍ර රැසකින්ම වාසි අත්වන බව සුප්‍රිම් සැට් ආයතනයේ ප්‍රධානියකු වන රෝහිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවැසීය. මෙමඟින් ලංකාව සිදුකරන්නේ මෙවැනි දෙයක් ලෝකයාට ප්‍රදර්ශනය කිරීමක්. මෙය පෞද්ගලික අංශයේ ලොකු අභියෝගයක් වන බවද ඔහු කීය.

මෙවැනි ආයෝජනයක් ලංකාවට පැමිණීම ඉතාමත් සාර්ථක දෙයක්! දැනට අප පාවිච්චි කරන්නේ පිටරටවල චන්ද්‍රිකාවන්. සල්ලි ඉතුරු කරගෙන අපගේ රටේ සමාගම්වලට ගන්න පුළුවන් සුප්‍රිම් සැට් චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීමට සැලැසුම් කර තිබුණේ නොවැ: 22 වැනි දින පස්වරු 3.43ටයි.

ඒ අනුව පසුගිය 22 වනදා කක්ෂගත කිරීමට තිබූ සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව දින 5කින් කල්දැමූ අතර එය නැවත හෙට දිනයේදී කක්ෂගත කිරීමට නියමිතයි.

එය කල්දැමීමට හේතුව ලෙස සුප්‍රීම් සැට් සමාගමේ සභාපති මනිවන්නන් පවසා තිබුනේ තාක්ෂණික දෝෂයක් හා අයහපත්
කාලගුණය මත අභ්‍යාවකාශගත කිරීමට නොහැකිවූ බවයි. තාක්ෂණික දෝෂය ලෙස ඇතැම් වෙබ් අඩවි වල සඳහන් වුනේ රොකට්ටුවේ දෙවන අදියරේදී වන කාන්දුවකි.

නමුත් රෝහිත රාජපක්ෂ පවසා තිබුනේ තාක්ෂණික දෝෂයක් නොමැති බවත් අභ්‍යාවකාශයේ තිබූ අබලි ද්‍රව්‍යය වල ගැටීමේ වාතාවරණය මත කල් දැමීමට සිදුවූ බවත්ය.

මෙම ව්‍යාපෘතියේ තාක්ෂණික උපදේශක හා අභ්‍යාවකාශ ඉංජිනේරු ලෙස කටයුතු කරන රෝහිත රාජපක්ෂ එංගලන්තයේ හැදෑරූ උපාධිය පිළිබඳව බොහෝ දෙනා කතා බහ කරයි. සාමාන්‍ය පෙළින් පසු ඔහු ලන්ඩන් A/L හැදෑරූ බවයි පසුගියදා පුවත්පතකට පවසා තිබුනේ.

අනතුරුව එංගලන්තයේ සවුතැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ වසර 3ක අභ්‍යාවකාශ ඉංජිනේරු උපාධිය හදාරා ඉන්පසු එම විශ්ව විද්‍යාලයේම ගෞරව උපාධියද හැදෑරූ බවයි රූපවාහිනී නාලිකාවක් සමඟ පසුගියදා පවසා තිබුනේ.

එම වීඩියෝව පහතින්.



ඒ අනුව සවුතැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ අභ්‍යාකාශ ඉංජිනේරු උපාධි සැලකූ විට වසර 3ක උපාධියක් ලෙස ඔහු මූලිකව හදාරා ඇත්තේ H422 BEng (Hons) Aeronautics & Astronautics උපාධියයි. අනතුරුව ඔහු පවසන පරිදි "මාස්ටර් ඔෆ් ස්පේස් සිස්ටම් ඉංජිනියරින්" ගෞරව උපාධියත් එහිදී ලබාගන ඇත.

මේ වනවිට ලාංකිකයන් 31 දෙනෙකු ඉගනගන්නා එම විශ්ව විද්‍යාලයෙන් 2012 වසර සඳහා අභ්‍යාකාශ ඉංජිනේරු උපාධි ප්‍රධානය කර තිබෙන්නේ ජූලි 25වනදා Nuffield ශාලාවේදීය.

සාමාන්‍යයෙන් මූලික උපාධියෙන් පසුව තවත් වසරක් අධ්‍යාපන කටයුතු කළ පසු ගෞරව උපාධිය ලැබේ. සාමාන්‍යයෙන් මේ සඳහා ගතවන මුලු කාලය වසර 4කි. ඒ අනුව වයස 22 වනවිට වසර 3ක උපාධියක් හා ගෞරව උපාධියක් සම්පූර්ණ කිරීමට රෝහිතට හැකිවූ බවයි ඔහු පවසන්නේ.

හෙට දිනයේ කක්ෂගතකිරීමට නියමිත චන්ද්‍රිකාව නිෂ්පාදනය කර ඇත්තේ යුරෝපීය සමාගමක් වන Thales Alenia Space සමාගම විසිනි. ඒ 2010 අප්‍රේල් මස 23 දින දී හොංකොං සමාගමක් වන APT Satellite සමාගම විසින් කරන ලද ඇනවුමකට අනුවය. එම සමාගම් අතර වෙළඳ ගිවිසුම් පවතින්නේ 2009 වසරේ සිටයි.

මෙම චන්ද්‍රිකාව 2010 දී නම් කර තිබුනේ Apstar 7B ලෙසයි. එය ඇනවුම් කිරීමට හේතුවී ඇත්තේ Apstar 7 නම් වූ තවත් චන්ද්‍රිකාවක් 2012 ජූලි 15 දින සහ 2012 ඔක්තෝබර් 15 දින අතර කාලයේදී චීනයෙන් සාර්ථකව අභ්‍යාවකාශයට යැවීමට නොහැකි වුවහොත් ඒ වෙනුවට අභ්‍යාවකාශට යැවීම සඳහා වූ අතිරේක චන්ද්‍රිකාවක් ලෙසයි. ඒ බව Thales Alenia Space සමාගමේ වෙබ් අඩවියේද සඳහන් වේ.

නමුත් දැනටමත් දේශාංශ අංශක 76.5 කක්ෂගත කර තිබෙන Apstar 7 චන්ද්‍රිකාව 2012 මාර්තු 31 දින සාර්ථකව අභ්‍යාවකාශ ගත කිරීම නිසා අතිරේකව තබාගත් මෙම චන්ද්‍රිකාවට වැයවූ වියදම පිරිමසා ගැනීමට එය චීන රජය සතු China Satcom සමාගමට පැවරීමට හොංකොං සමාගමක් වන APT Satellite සමාගම විසින් කටයුතු කළේ තමන් වියදම් කළ මුදල් ආපසු ලබා ගැනීම පිණිසය.

ඒ අනුව ඩොලර් මිලියන 128ක් වටිනා Apatar 7B චන්ද්‍රිකාවේ හිඟ මුදල් වූ ඩොලර් මිලියන 37ක් ගෙවා එම පැවරීමේ ගිවිසුම අවසන්කර ඇත්තේ 2012 සැප්තැම්බර් 26 වනදා බවයි APT Satellite සමාගමේ වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

China Satcom සමාගම විසින් ලබාගත් එම චන්ද්‍රිකාව ඔවුන් විසින් ZX-12 හෙවත් Zhongxing-12 හෙවත් ChinaSat-12 ලෙස නම් කරන ලදි. ඒ අනුව අපි SupremeSAT-1 යැයි කියන්නේ ඉහත අතීතය සහිත චන්ද්‍රිකාවටය.

China Satcom සමාගම සතුව එම චන්ද්‍රිකාවේ අයිතිය පවතින නිසා සුප්‍රීම් සැට් සමාගම China Satcom සමඟ ගිවිසුම් ගසා ඇත්තේ එම නිසාය.

මෙම චන්ද්‍රිකාවේ C බෑන්ඩ් ට්‍රාන්ස්පොන්ඩර් 28ක් හා Ku බෑන්ඩ් ට්‍රාන්ස්පොන්ඩර් 23ක් ඇත. එයින් කොටසක් කල්බදු ක්‍රමයට සුප්‍රීම්සැට් සමාගම ලබාගන ඇත. ට්‍රාන්ස්පොන්ඩර් යනු රේඩියෝ තරංග හා ට්‍රාන්ස්මීටර්/රිසීවර් අඩංගු උපකරණයකි.

Apstar 7 චන්ද්‍රිකාව පසුගිය අප්‍රේල් මාසයේ අභ්‍යාවකාශ කර ඇත්තේ පහත ලෙසය. හෙට දිනයේදී ChinaSat-12 හෙවත් SupremeSAT-1 චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව උඩුගුවනට යන්නේද මේ අයුරිනි.


රොකට්ටුවක් මාර්ගයෙන් උඩුගුවනට යවන එය 87.5 භූ ස්ථායි කක්ෂයේ (87.5E) රඳවා මිනිත්තු හතකට පසුව ශ්‍රී ලාංකීය මුහුදු තීරයට ඉහල අහසේ කක්ෂගත කිරීමට නියමිත බවයි පසුගියදා වාර්තා වුනේ.

නමුත් රෝහිත රාජපක්ෂ පවසන්නේ මෙම චන්ද්‍රිකාව කක්ෂගත කරන්නේ ලංකාවට ඉහල අහසේ නොවන බවත් චීනයේ ඉහලින් බවත්ය.

කිලෝමීටර් 35,786ක් ඉහලින් පිහිටා ඇති Geo stationary ලෙස හැඳින්වෙන කක්ශයේ සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව ස්ථානගත කෙරේ.

Geo stationary කක්ශයේ රඳවන චන්ද්‍රිකාවක් පෘථිවිය වටා ගමන්කරන්නේ පෘථිවිය තමන් වටා ගමන්කරන වේගයෙන් නිසා පෘථිවියේ යම් ස්ථානයකට සාපේක්ෂව එම චන්ද්‍රිකාව අහසේ එකම ස්ථානයක රැඳී පවතී.

මෙම කක්ශයේ රඳවන්නේ පණිවුඩ හුවමාරු චන්ද්‍රිකාවේ. එයට හේතුව අහසේ එක තැනක රැඳී සිටින නිසා චන්ද්‍රිකාවට නොකඩවා පැය 24 පුරාවටම එකම භූමි ප්‍රමාණයක් ආවරණය කරමින් පෘථිවියේ චන්ද්‍රිකා මධ්‍යස්ථාන සමග නොකඩවා සම්බන්ධවී සිටිය හැකි බැවිනි. චන්ද්‍රිකා රූපවාහිනී සේවා සම්ප්‍රේශණය කරන චන්ද්‍රිකාද Geo stationary කක්ශවල රඳවන්නේ මේ හේතුව නිසාය.

ඔත්තු බලන චන්ද්‍රිකා රඳවන්නේ පොලෙවේ සිට කිලෝමීටර් 160 සිට කිලෝමීටර් 2,000 අතර පරාසයේ පිහිටි low earth orbit ලෙස හඳුන්වන කක්ශ වලයි. මෙම චන්ද්‍රිකා පැයට කිලෝමීටර් 28,000ක පමණ වේගයකින් දිනකට එක් වරකට වැඩි ප්‍රමාණයක් පෘථිවිය වටා ගමන් කරයි.

ඔත්තු බලන චන්ද්‍රිකා මෙලෙස ගමන් කරන අතරතුරේ එහි කක්ශය යටින් තිබෙන සතුරු රටවල් වල භූමි ප්‍රදේශවල ඡායාරූප ගත කරන අතර එම රටවල ගුවන්විදුලි පණිවුඩ වලට සවන්දෙමින් පටිගත කරගනී. චන්ද්‍රිකාව සිය මවු රට ඉහලින් යනවිට ගබඩා කරගත ඡායාරූප හා පටිගත කරගත් රේඩියෝ පණිවුඩ මව් රටේ චන්ද්‍රිකා මධ්‍යස්ථාන වෙතට ලබාදෙයි.

2015දී කක්ෂගතකිරීමට නියමිත සුප්‍රීම්සැට්-3 චන්ද්‍රිකාවේ කැමරා ආදිය අඩංගු වන අතර එය පිහිටුවීමට නියමිතව ඇත්තේ low earth orbit කක්ෂයකයි.
 
Related Posts with Thumbnails